කෘතහස්ත දේශපාලනඥයෙකු දිවි සැරිය නිම කරයි
මෙරට කෘතහස්ත දේශපාලනඥයෙකු වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වී ඇත.
එතුමා කලක් රෝගාතුරව සිට අද (13) උදෑසන කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු, අමාත්‍ය වරයකු මෙන්ම ආණ්ඩුකාර ධුරයක් හොබවා ඇති ඒ මහතා මියයනවිට 91 වන වියෙහි පසුවිය.
1974 වසරේ දී ලංකා සමසමාජ පක්ෂයෙන් සිය දේශපාලන දිවිය ආරම්භ කර ඇත.
එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සංවිධානය සහ ශ්‍රී ලංකා කොම්යුනිස්ට් පක්ෂයේ විවිධ තනතුරු හොබවා තිබේ.