දැයට මහත් සේවයක් කළ මහාචාර්ය විමල් දිසානායක අභාවප්‍රාප්ත වෙයි

Report

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සහ ජන සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවරක නිරත වූ අතිපූජනීය අධ්‍යයනඥයෙකු, සාහිත්‍ය විචාරකයෙකු සහ ප්‍රවීණ ලේඛකයෙකු වූ මහාචාර්ය විමල් දිසානායක මහතා අභාවප්‍රාප්ත වී ඇත.

මිය යන විට ඔහු 86 වන වියේ පසු වූ බව සඳහන්. කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයනාංශයේ ආරම්භක නියමුවෙකු වශයෙන් කටයුතු කරමින් මෙරට විශ්වවිද්‍යාල පද්ධතියට ජන සන්නිවේදන විෂයය ශාස්ත්‍රීය මට්ටමින් හඳුන්වා දීමට මුලපිරූ ප්‍රධානතම විද්වතාණන් ලෙස මහාචාර්ය විමල් දිසානායකයන් හඳුන්වයි.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා එවකට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත්ව සිංහල පිළිබඳ ගෞරව උපාධිය හිමිකරගත් මහාචාර්ය විමල් දිසානායකයන් පේරාදෙණිය ගුරුකුලයෙන් බිහි වූ ස්වාධීන බුද්ධිමතෙකු වශයෙන් සැලැකේ.

මේ වෙබ් අඩවි 146 ම අවහිර කරන්නැයි සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන්ට නියෝගයක්

මේ වෙබ් අඩවි 146 ම අවහිර කරන්නැයි සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන්ට නියෝගයක්

තම පළමු උපාධිය සඳහා විෂයන් වශයෙන් ඔහු තෝරා ගෙන තිබුණේ සිංහල, සංස්කෘත හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයයි. අනතුරුව එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ආචාර්ය උපාධිය ලබා ගත්තේ ඉංග්‍රීසි සාහිත්‍යය විෂයය කරගනිමින්.

අනතුරුව 1975 දී අධි ශිෂ්‍යත්වයක් ලැබ ජන සන්නිවේදනය හා සිනමාව විෂයය කරගනිමින් පෙන්සිල්වේනියා සරසවියෙන් පශ්චාත් ආචාර්ය උපාධිය ලබා ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ සන්නිවේදන විෂයයෙහි පුරෝගාමී විද්වතුන් වූ විමල් දිසානායක මහතා කැලණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යනාංශයේ පළමු අංශාධිපතිවරයා ලෙස කටයුතු කළ අතර 1979 දී ඇමරිකාවේ හවායි විශ්වවිද්‍යාලයට පත් වීමක් ලැබ විදේශගත වී ඇත.

එසේම ඔහු දැනට එහි ජන සන්නිවේදනය පිළිබඳ මහාචාර්යවරයා මෙන්ම හොංකොං විශ්වවිද්‍යාලයේ සම්මාන මහාචාර්ය පදවියක් ද උසුලනු ලැබු බව සඳහන්.

තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් - නැවත අරඹන දිනයන් දන්වා සියලුම පාසල්වලට නිවේදනයක්

තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් - නැවත අරඹන දිනයන් දන්වා සියලුම පාසල්වලට නිවේදනයක්

ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න

ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න