තැපෑල US Post වෙත ගෙවූ ඩොලර් ලක්ෂ 6ක් නොලැබීම සම්බන්ධයෙන් විමර්ශන අරඹයි - ස්ථානීය පරීක්ෂාවකටත් නියෝග
තැපැල් දෙපාර්තමේන්තුව විසින් US Post වෙත ගෙවූ ඩොලර් ලක්ෂ 6ක මුදලක් එම දෙපාර්තමේන්තුව වෙත නොලැබීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකය අද (6) දින කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ දැනුම් දී ඇත.
ඒ අනුව අඳාළ සිද්ධිය සම්බන්ධයෙන් හදිසි පරිගණක සංසදය CERT ලවා ස්ථානීය පරීක්ෂාවක් සිදු කරන මෙන් මහේස්ත්‍රාත්වරයා එම ආයතනයට නියෝග කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කිරීමට කටයුතු කර ඇත.
එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත්තේ අවස්ථා දෙකක දී මෙම මුදල් බැර කර ඇති බවත් ඊට අදාළව ඊමේල් පණිවිඩ සම්බන්ධයෙන් කටයුතු කළ නිලධාරීන්ගේ සහ නියෝජ්‍ය තැපැල්පතිවරයාගේ ප්‍රකාශ සටහන් කර ගත් බවත් මෙතෙක් සැකකරුවෙක් අනාවරණය වී නැති බවත් ය.
තවද පරිගණක අපරාධ පනත, පොදු දේපළ පනත සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ විමර්ශන සිදු කරන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත. ඒ ඊට අදාළව තැපැල්පතිවරයා කළ පැමිණිල්ලක් අනුවයි.
රටම හැඬවූ විද්‍යා දැරිය ඝාතනයේ විත්තිකරුවන් 4කගේ මරණ දඬුවම තහවුරුයි - අභියාචනා නිශ්ප්‍රභා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව