ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමේ සිද්ධිය ගැන උදය ගම්මන්පිල කළ ප්‍රකාශයට විමර්ශනයක්

Report

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර ගත කර සිටියදී උන්වහන්සේගේ සිවුර ඉවත් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සිදුකළ ප්‍රකාශය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (13) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කළ අවස්ථාව බන්ධනාගාර නිලධාරියෙකු විසින් ජංගම දුරකථනයෙන් රජයේ ප්‍රධානියෙකුට නැරඹීමට සැලැස්වූ බවට උදය ගම්මන්පිල මහතා කළ ප්‍රකාශය සුළුවෙන් තැකිය නොහැකි බැවින් ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බවයි.

ජනපතිගෙන් මුළු ලංකාවටම සුබ ආරංචියක් - දිවයින පුරා නව ඉන්ධන පිරවුම්හල් 75ක්

ජනපතිගෙන් මුළු ලංකාවටම සුබ ආරංචියක් - දිවයින පුරා නව ඉන්ධන පිරවුම්හල් 75ක්

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ පසු ශ්‍රී ලංකා පොලිසිය මගින් විමර්ශන ආරම්භ කර අදාළ කරුණු අනාවරණය කරගන්නා බවත්, එහිදී තමන් දුටු, ඇසූ සහ ප්‍රකාශ කළ සියලු දේ නිරාවරණය කිරීමට ගම්මන්පිල මහතාට සිදුවනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

බෙංගාල බොක්කේ පහළ වායුගෝලය කැළඹෙයි - හෙට 06.30 දක්වා දිවයින පුරා මි.මී. 100-150ක මහ වැසි

බෙංගාල බොක්කේ පහළ වායුගෝලය කැළඹෙයි - හෙට 06.30 දක්වා දිවයින පුරා මි.මී. 100-150ක මහ වැසි