සුබම සුබ ආරංචියක් - රජයෙන් මේ අයට රුපියල් 5000ක්
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ ආශ්‍රිතව ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් දිගු කලක් තිස්සේ වගා කටයුතු සිදු කිරීමට නොහැකිව අසරණ වූ ගොවි ජනතාවට වන්දි පිරිනැමීමේ විශේෂ වැඩපිළිවෙළක් සංවිධානය කර තිබේ.
මෙමඟින් පීඩාවට පත් ගොවීන් 5000ක් පමණ ප්රතිලාභ ලබන බව එම මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා ප්‍රකාශ කළේය.
මහජනතාව අවදානයෙන් ඉන්න - රටපුරාම මෙනින්ජිටිස් රෝගය ව්‍යාප්ත වෙලා ඉවරයි - වසංගත රෝග විද්‍යා ඒකකයෙන් උපදෙස් මාලාවක්
ලවණ කාන්දුවීම නිසා වගා පාලු වී හෝ වගා නොකර අතහැර දමා තිබූ සමස්ත කුඹුරු ඉඩම් අක්කර 12,800ක් වෙනුවෙන් මෙම මූල්‍ය වන්දි මුදල් පිරිනැමීමට නියමිත බව සඳහන්.
මෙම වන්දි ප්රදානය කිරීමේ සමාරම්භක උත්සවය හෙට (27) මාලිම්බඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන අතර, එහිදී ප්‍රමුඛතාවය අනුව තෝරාගත් ගොවීන් 250 දෙනෙකු සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සංකේතාත්මකව වන්දි චෙක්පත් පිරිනැමීමට නියමිතව ඇත.
මීට සමගාමීව දිස්ත්‍රික්කයේ සෙසු පීඩාවට පත් ගොවීන් සියලු දෙනා සඳහා වන වන්දි මුදල් ඉදිරි දින 14ක් ඇතුළත සම්පූර්ණයෙන්ම ලබා දී අවසන් කිරීමට ගොවිජන රක්ෂණ මණ්ඩලය සියලු කටයුතු සූදානම් කර ඇති බව ද සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය