ඩයනා කුමරිය ඕස්ට්‍රේලියාවේ පිරිමි දරුවෙක් ලෙස යළි උපත ලබයි..ලොවම පුදුම කළ සිදුවීම මෙන්න.(PHOTOS)

Australia Princess Diana England World Actress
By Aruna Sep 04, 2024 04:42 AM GMT
Aruna

Aruna

Report

ඕස්ට්‍රේලියාවේ අට හැවිරිදි බිලී කැම්බල් නම් පිරිමි දරුවකු තමා පසුගිය ආත්මයේදී බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ ඩයනා කුමරිය බවට පවසන්නේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

පැරීසියේදී අවාසනාවන්ත මෝටර් රථ අනතුරකින් මරණයට පත්වූ බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරියගේ පුනුරුප්පත්තිය මෙසේ සිදුව ඇති බවයි එම මාධ්‍ය වාර්තා පවසන්නේ.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල රැසක මිල සම්බන්ධයෙන් එකවරම විශේෂ තීරණයක් ගනී..

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල රැසක මිල සම්බන්ධයෙන් එකවරම විශේෂ තීරණයක් ගනී..


බිලී වයස අවුරුදු දෙකේදී තමන් පසුගිය ආත්මයේදී ඩයනා කුමරිය බව පවසමින් ඩයනා කුමරියගේ ජීවිතයේ සිදුවීම් මතක් කිරීමට පටන් ගත් බව ඔහුගේ පියා වන ප්‍රසිද්ධ රංගන ශිල්පී ඩේවිඩ් කැම්බල් ඩයනා කුමරියගේ පුනුරුප්පත්තිය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ පුදුමයට ලක්කරමින්.

ඩේවිඩ් පැවැසුවේ, බිලීගේ වයසේ පසුවන දරුවකු දැන සිටීමට කිසිදු හැකියාවක් නොමැති ඩයනා කුමරියගේ ජීවිතයේ සිදුවීම් සහ මතකයන් පිළිබඳ ඔහුට දැනීමක් තිබෙන බවයි.

බිලී ඩයනාගේ ජීවිතය පිළිබඳ පවසන තොරතුරු ඉතාමත් නිවැරදි බවත්, බොහෝ දෙනා ඉන් පුදුමයට පත් වන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

බිලී කැම්බල් ඩයනා කුමරියට ජීවිතය අහිමිවූ මෝටර් රථ අනතුර පිළිබඳව ඉතා නිවැරදි තොරතුරු මෙන්ම බැල්මොරල් මාළිගාව පිළිබඳව තොරතුරුද හොඳින් දන්නා බවත්, තමා සහ බිරිඳ ඉන් කම්පනයට පත්වූ බවත් ඩේවිඩ් කැම්බල් අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයග්‍රහණයක්..කලකට පසු සිදු වූ විශේෂ දේ මෙන්න.

ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයග්‍රහණයක්..කලකට පසු සිදු වූ විශේෂ දේ මෙන්න.


ඔහු පෙන්වා දුන්නේ, බිලී බැල්මොරල් මාළිගාව ඇවිද යන ආකාරය හොඳින් විස්තර කරන බවයි.

ඩයනා කුමරියගේ ඡායාරූපය පෙන්වූ විට ඒ මම යැයි බිලී පවසන බවත් වයස අවුරුදු තුනේදී බිලි හැරී සහ විලියම්ට මාගේ කොල්ලෝ දෙන්නා යැයි ආමන්ත්‍රණය කිරීමට පටන් ගත් බවත් ඩේවිඩ් ප්‍රකාශ කළා.

ඩයනා කුමරිය බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකාවක වූ අතර ඇය විලියම් සහ හැරීගේ මවද විය.

ඩයනා කුමරිය 1997 වසරේ අගෝස්තු 31 වැනිදා පැරිසියේදී සිදුවූ මෝටර් රථ අනතුරකින් මරණයට පත්වුණා.

ඩේවිඩ් කැම්බල් සිය පුත්‍රයාගේ අසාමාන්‍ය හැසිරීම පිළිබඳව ප්‍රථමවරට 2019 වසරේදී මාධ්‍ය ඉදිරියේදී ප්‍රකාශයක් කර ඇති අතර, බිලී සැබැවින්ම ඩයනා කුමරියගේ පුනුරුප්පත්තිය යැයි විශ්වාස කරන පිරිසක් මෙන්ම රංගන ශිල්පියාගේ පුත්‍රයාද රංගන ශිල්පියකු බව පවසමින් විවේචන එල්ල කරන පිරිසක්ද සිටීම පොදු කරුණක්.

විවාහ වූ අයට කටක ලග්නයේ නම් අද සුභ ආරංචියක්..ලග්න 04ක අය දැඩි කල්පනාවෙන් වැඩ කරන්න.

විවාහ වූ අයට කටක ලග්නයේ නම් අද සුභ ආරංචියක්..ලග්න 04ක අය දැඩි කල්පනාවෙන් වැඩ කරන්න.


කෙසේ නමුත් අට හැවිරිදි බිලී ප්‍රකාශ කරන විස්තර සම්බන්ධයෙන් බොහෝ දෙනා කුතුහලයෙන් පසුවන අතර උනන්දුවක්ද දක්වන බවයි පැවසෙන්නේ.

මීට අදාල ඡායාරූපයන් පහතින් දැක්වේ.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha