දවසක්ම ප්‍රශ්න කරලා අත්අඩංගුවට ගත් ඇන්ඩෘ මවුන්ට්බැටන් නිදහස් කරයි
By Kaushi
රාජ්‍ය නිලයක් හොබවමින් විෂමාචාරයක් සිදුකළ බවට වූ සැකයක් මත බ්‍රිතාන්‍ය පොලිසියෙන් ඊයේ(19) දින අත්අඩංගුවට ගත් චාල්ස් රජුගේ බාල සහෝදරයා වන ඇන්ඩෘ මවුන්ට්බැටන් වින්ඩ්සර් නිදහස් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඊයේ දින 66 වන වියට පා තැබූ මවුන්ට්බැටන්-වින්ඩ්සර්, තේම්ස් නිම්න පොලිසියේ රහස් පරීක්ෂකයින් විසින් දවස පුරා ප්‍රශ්න කර තිබූ බව ද සඳහන්.
කෙසේ වුවද ලිංගික අපරාධකරුවෙකු වන ජෙෆ්රි එප්ස්ටයින් සමඟ පැවති සබඳතා සම්බන්ධයෙන් මොහුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.
මේ අතර ඇන්ඩෘ මවුන්ට්බැටන් වින්ඩ්සර් මීට පෙර ඇන්ඩෘ කුමරු වශයෙන් හැඳින්වුවත් ඉකුත් වසරේ ඔහුව රජ පවුලෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබුණා.