මහත් හරසරින් සමරන තෛපොංගල් උත්සවය අදයි
By Kaushi
හින්දු බැතිමතුන්ගේ ප්‍රධාන ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අද (15) දිනට යෙදී ඇත. ඒ අනුව ලොව පුරා වෙසෙනෙ හින්දු බැතිමතුන් මෙන්ම මෙරට හින්දු භක්තිකයින් ද තෛපොංගල් උත්සවය මහත් හරසරින් යුතුව සමරයි.
තෛපොංගල් උත්සවයේ දී සශ්‍රීකත්වය ළඟාකරදීම වෙනුවෙන් හිරු දෙවිදුන්ට කෘතවේදිත්වය දැක්වීම දී සිදු කරන බව සඳහන්.
එමෙන්ම හිරු දෙවියන්ට තම පළමු අස්වැන්න පූජාකිරීම මෙහිදී සිදුවන අතර කෘෂිකර්මාන්තයට දායකත්වය ලබාදෙන සතුන්ට ගෞරව කිරීම ද මෙම උත්සවයේ දී සිදු කරයි.
එසේම තෛපොංගල් උත්සවයේ ප්‍රධාන චාරිත්‍රයක් ලෙස කිරි උතුරුවා යාමට සලස්වමින් සියලුදෙනාට සෞභාග්‍යය උදාවේවායි ප්‍රාර්ථනා කිරීම සිදු කරන අතර මෙම දිනය හින්දු භක්තිකයින්ගේ නව වසරක උදාව වශයෙන් සැලකේ.