අඳුර පරදා ආලෝකය, බිය පරදා විශ්වාසය – පාස්කු දින අගමැතිනියගේ පණිවිඩය
සියලු භේදයන් දුරු කර, සහෝදරත්වයෙන් හා සාමයෙන් යුත් එක් මානව පවුලක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැඟීමට අත්වැල් බැඳගත යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
පාස්කු දින සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමිනුයි අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණය පරාජය කර උත්ථානයවීම පාස්කු දිනය ලෙස කිතුනු බැතිමතුන් මහත් භක්තියෙන් සමරනු ලබයි.
මරණයෙන් පසු නැවත උත්ථානය වූ ක්‍රිස්තුස් වහන්සේ ලෝකයාට ලබා දුන් පණිවුඩය වන්නේ, අඳුර පරදා ආලෝකයත්, බිය පරදා විශ්වාසයත්, වේදනාව පරදා සදාකාලික ප්‍රීතියත් ජයගත හැකි බවයි. අපගේ ජීවිත තුළ විවිධ අභියෝග, දුක් වේදනා හා බාධක පැමිණීම ස්වභාවිකයි.
මේ උතුම් පාස්කු උදාවේදී සාමය කරා යන ගමන්මඟ හෙළිපෙහෙළි වේවා’යි ජනපති පාස්කු ඉරුදිනය සුබ පැතුම් එක්කර තිබේ
එහෙත්, කිසිදු අඳුරු රාත්‍රියක් ස්ථිර නොවන බවත්, සෑම අභියෝගයකටම පසු බලාපොරොත්තුවේ අරුණෝදය උදාවන බවත් පාස්කු පණිවුඩය අපට සිහිපත් කරන බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා. එය ජීවිතය අලුතින් ආරම්භ කිරීමටත්, අත් නොහරින අධිෂ්ඨානයෙන් යුතුව ඉදිරියට යාමටත් අපව දිරිමත් කරන බවයි අග්‍රාමාත්‍යවරිය පවසන්නේ.
පාස්කු දින සැමරුම් සිදු කළ ද මැද පෙරදිග කලාපයේ පවතින අවාසනාවන්ත යුදමය තත්ත්වය හේතුවෙන් විශාල පිරිසක් පීඩා විඳින බවද අමතක නොකළ යුතුයි.
වෛරය සහ ගැටුම් වෙනුවට සාකච්ඡාව සහ අවබෝධය රජයන, යුද බිය පහව ගිය සාමකාමී ලෝකයක් උදාවේවායි ශුද්ධ වූ පාස්කු දිනයේ ප්‍රාර්ථනා කරන බව අග්‍රාමාත්‍යවරිය නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ සඳහන්.
ක්‍රිස්තුස් වහන්සේ වදාළ ප්‍රේමයේ සහ සාමයේ පණිවුඩය පෙරදැරි කරගෙන, අපගේ හදවත් ප්‍රේමයෙන්, ඉවසීමෙන් හා සමාවදීමේ උදාර ගුණයෙන් පෝෂණය කර ගත යුතු බව එහි වැඩිදුරටත් දැක්වෙනවා.