පවතින වර්ශාපතනයත් සමඟ එළවලු සහ මාළු මිල ගණන් අහස උසට...
By Parami Dissanayake
පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග වෙළෙඳපොළේ එළවළු මිල යළි ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
මෙලෙස, මිල ගණන් ඉහළ යාමට හේතු වී ඇත්තේ, වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග එළවළු ඵලදාව විනාශ වීම ය.
ඒ අනුව, මැනිං පොදු වෙළෙඳ සමිතියේ සභාපති අජිත් කළුතරගේ මහතා පෙන්වා දෙන්නේ , මෙම තත්ත්වය අඛණ්ඩව පැවතියහොත් එළවළු මිල තවදුරටත් ඉහළ යා හැකි බව ය.
තව ද, මාළු මිල ගණන් ද මේ දිනවල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංසඳයේ සභාපති ජයසිරි වික්‍රමආරච්චි මහතා සඳහන් කරන්නේ, අයහපත් කාලගුණික තත්ත්වයත් සමග ධීවරයින් ධීවර කටයුතු සඳහා යොමු නොවීම මාළු මිල ඉහළ යාමට හේතු වී ඇති බවයි.