වීමට ගිය මිනී මැරුමක් අනුනවයෙන් වලක්වා ගත් හැටි ..

Sri Lanka Police Sri Lanka Crime Murder
By Piyumika Oct 14, 2024 04:26 AM GMT
Piyumika

Piyumika

Report

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිවු දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පවසයි.

එම සැකකරුවන් සමඟ විවිධ ප්‍රමාණවලින් යුත් කඩු හතක් හා අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 37800ක් පොලිස් භාරයට ගෙන ඇත.

ජනපති සටනට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 8කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග..

ජනපති සටනට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 8කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග..

පුද්ගලයන් පිරිසක් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අසලදී පුද්ගලයකු කපා කොටා ඝාතනය කිරීම සඳහා සූදානමින් ත්‍රිරෝද රථයකින් පැමිණෙන බවට ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා මහතාට ලද රහසිගත තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වූ ඒ මහතා ඒ බව දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චමින්ද කූරබගේ මහතාට ලබා දුන් තොරතුරකට අනුව ඒ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිවු දෙනා සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 6500, 10200, 10500 හා 10600 පිළිවෙළින් තිබූ බවත් ඊට අමතරව පොහොර උරයක බහා කඩු හයක් තිබී පොලිස් භාරයට ගෙන ඇත.

අහංගම මහළු යුවළගේ ඝාතනයට සම්බන්ද අයෙක් ගාල්ලෙ සැගවසිටියදී අත්තඩංගුවට..

අහංගම මහළු යුවළගේ ඝාතනයට සම්බන්ද අයෙක් ගාල්ලෙ සැගවසිටියදී අත්තඩංගුවට..

එම සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මීට මාස කිහිපයකට ඉහතදී අන්තර්ජාල යෙදවුමක් හරහා පුද්ගලයකු සමඟ හිතවත් වී එම පුද්ගලයාව ගල්කිස්සට ගෙන්වාගෙන රුපියල් ලක්ෂ දෙකක කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන්ට එරෙහිව පවතින නඩුවක වින්දිත එම පුද්ගලයා ඝාතනය කිරීම සඳහා යමින් සිටි බවට අනාවරණය වී යැයි පොලිසිය පවසයි.

මේ ආකාරයෙන් මෙම සැකකරුවන් මොරටුව සහ ගල්කිස්ස ප්‍රදේශවලදී පුද්ගලයන් රැසකගේ මුදල් කොල්ලකෑම සම්බන්ධයෙන් පෙර වැරදි රැසක් ඇති අය බවද පොලිසිය සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරුවන් රත්මලාන සොයිසාපුර සහ බායිවත්ත පදිංචිකරුවන්ය.

පිටු දකින්න ඕනේ කියලා කෑගැහුව දේශපාලන සංස්කෘතිය කෝ දැන්..ඒකම නෙවෙයිද මේ කරගෙන යන්නේ.. ජන අරගල සන්ධානයෙන් රජයට චෝදනා..

පිටු දකින්න ඕනේ කියලා කෑගැහුව දේශපාලන සංස්කෘතිය කෝ දැන්..ඒකම නෙවෙයිද මේ කරගෙන යන්නේ.. ජන අරගල සන්ධානයෙන් රජයට චෝදනා..

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණ සහ පොලිස් අධිකාරි රෝහන් පුෂ්පකුමාර මහත්වරුන්ගේ උපදෙස් මත ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චමින්ද කූරබගේ, පොලිස් සැරයන් (60674) මදුසංඛ, පොලිස් කොස්තාපල්වරුන් වන (34274) පියසිරි, (25426) වීරසේකර (104301) දේශාන් යන මහත්වරුන් පරීක්ෂණ පවත්වයි.