රන් බඩු උකස් තබා ණය ගන්න ඉන්න අයට මහ බැංකුවෙන් අද සිට දැඩි සීමාවන්
රන් ඇපකර මත ලබාදෙන ණය පහසුකම් සඳහා වටිනාකමට අනුව උපරිම ණය අනුපාතයක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.
මූල්‍ය ආයතනවල ස්ථාවරභාවය ආරක්ෂා කිරීම, විචක්ෂණශීලී ණය දීමේ පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම සහ පද්ධතිමය අවදානම් අවම කිරීම අරමුණු කර ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව මහ බැංකුව සඳහන් කරයි.
රන් ඇප මත ලබාදෙන ණය පහසුකම්වල මෑතකදී ඇතිවූ සැලකිය යුතු වර්ධනය සහ එම ප්‍රවණතාව මූල්‍ය පද්ධතියට ඇති කළ හැකි බලපෑම්ද සැලකිල්ලට ගෙන මෙම නව නියාමනය හඳුන්වා දී ඇත.
ඒ අනුව අද (25) සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු, විශේෂිත බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම් මඟින් රන් භාණ්ඩ ඇපයට තබා ලබාදෙන ණය පහසුකම්, එම රන් භාණ්ඩවල වටිනාකමින් උපරිම සියයට 70ක සීමාවකට යටත් වනු ඇත.
න් ණය සීඝ්රයෙන් වැඩිවීම නිසා මහ බැංකුව ගත් දැඩි තීරණය by rishma