ජනාධිපතිවරණය කල් දාන්න බෑ...මහින්ද දේශප්‍රිය පවසයි..

Report

සීමානිර්ණ කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල්යෑමට සීමානිර්ණ කමිටු වාර්තාව කිසිදු බලපෑමක් සිදුකර නොමැති බවයි.

මහජන නියෝජිතයින් පත් කිරීමකින් තොරව පළාත් සභාවන් නිලධාරී පාලනයක් යටතේ දිගින් දිගටම පවත්වාගෙන යාම රටේ ප්‍රජාතන්ත්‍රවාදය මරු පහරක් බව ද මහින්ද දේශප්‍රිය පවසනවා.

ඔහු මේ බව පැවසුවේ කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ ලබන වසරේ පැවැත්විය යුතු ජනාධිපතිවරණය ව්‍යවස්ථා සංශෝධනයකින් හැර වෙනත් කිසිදු ආකාරයකින් කල්දැමීමේ හැකියාවක් නොමැති බවයි.

"ජනාධිපතිවරණය ඉක්මනට දෙන්නත් බැහැ. ප්‍රමාද කරන්නත් බැහැ. 2024 සැප්තැම්බර් 17යි ඔක්තෝබර් 17යි අතර පවත්වන්නම ඕනේ."