අනිවාර්යයෙන් අපේ රජයක් යටතේ අරගලයට සල්ලි ලැබුණු හැටි ගැන ජනාධිපති කොමිසමකින් හොයනවා - නාමල්

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරන පරිදි ඉදිරියේදී තම රජයක් යටතේ අරගලය සම්බන්ධයෙන් සහ ඒ සඳහා විදේශ රටවලින් ලැබුණු මුදල් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කර සොයා බලන බව පවසයි.

අමෙරිකානු වත්මන් ජනාධිපතිවරයා පවා ලංකාව සහ බංග්ලාදේශය ඇතුළු රටවල් කිහිපයක ආණ්ඩු වෙනස් කිරීමට විදේශ මුදල් ආයෝජනය කළ ආකාරය, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය හරහා මුදල් ආයෝජනය කළ ආකාරය සඳහන් කර තිබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

ඉන්දු - පාකිස්තාන තරගය සඳහා විශේෂ ආරක්ෂාවක් - තරගේ බලන්න පුලුවන් මෙහෙමයි

ඉන්දු - පාකිස්තාන තරගය සඳහා විශේෂ ආරක්ෂාවක් - තරගේ බලන්න පුලුවන් මෙහෙමයි

පැහැදිලිව ම අරගලයට සම්බන්ධ වූවන්ට විදේශ රටවලින් මුදල් ලැබුණු බව සඳහන් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ අරගලයේ සිටි ඇතැමුන් වාහන, නිවාස ගත් බවටත් විදේශ රටවල පදිංචිව සිටින බවටත් සමාජ මාධ්‍ය තුළින් කරන ප්‍රකාශයන් ගෙන් ඒ බව මනාව පැහැදිලි වන බව සඳහන් කරයි.

අරගලයේ එක කොට්ඨාසයක් මැති ඇමතිවරු වෙද්දී පිරිසක් වාහන, නිවාස ගලවා ගනිද්දී බිල්ලට ලක් වු දොළොස් දෙනෙක් එල්ලුම් ගස් ගිය බව සඳහන් කළ හෙතෙම අවසානයේ සිදු වූයේ මෙහෙය වූ අය රජ වී පිරිසකට එල්ලුම් ගස් යෑමට සිදුවීම යනුවෙන් අවසානයේ සඳහන් කළේය.

අවදානාත්මක නිවේදනයක් සමඟ මේ ප්‍රදේශවලට නායයෑම් අනතුරු ඇගවීමක්

අවදානාත්මක නිවේදනයක් සමඟ මේ ප්‍රදේශවලට නායයෑම් අනතුරු ඇගවීමක්