ජනාධිපති අපේක්ෂකගේ රාත්‍රී භෝජන සංග්‍රහයට මැතිවරණ කොමිසම පනී - සියළු කෑම බීම සීල් - අරක්කු පොලිසියට.
ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීරගේ ප්‍රධානත්වයෙන් සූදානම් කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයක් මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් අත්හිටුවා තිබෙනවා.
ඊයේ අනුරාධපුර ප්‍රසිද්ධ හෝටලයකදී මෙම භෝජන සංග්‍රහය සූදානම් කර තිබුණේ දිලිත් ජයවීරගේ ප්‍රධානත්වයෙන් පැවති විද්වත් හමුවකට සහභාගි වූ ආරාධිත පිරිස සඳහායි.
කෙසේ වෙතත් අනුරාධපුර මැතිවරණ කොමසාරිස් කාර්යාලට ලද පැමිණිල්ලක් මත එහි නිලධාරීන් පිරිසක් පොලිසිය සමග පැමිණ හෝටලයේ සංග්‍රහයට සූදානම් කර තිබූ ආහාර සඳහා මුද්‍රා තබා ඇත.
එමෙන්ම ආරාධිතයන්ට ලබාදීමට තිබූ මත්පැන් බෝතල් ද පොලිසියට බාරයට ගෙන තිබෙනවා.
