අධිකරණ තීන්දු ගැන ජනපතිගෙන් ප්‍රකාශයක් - “අපි ඒවා නිවැරදි තීරණ ලෙස සලකනවා”

Report

අධිකරණය ලබාදෙන තීන්දු නීතිය සම්බන්ධයෙන් නිවැරදිම තීරණ ලෙස සලකන බවත්, එම තීන්දු සියල්ලට රජයක් ලෙස යටත් වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අධිකරණ තීන්දු ඉක්මවා වෙනත් තීරණයක් තමන්ගෙන් බලාපොරොත්තු වීමෙන් පලක් නොමැති බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. අද (18) බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

නීතිය පිළිබඳ අවසන් වගවිභාගය සිදුකරන්නේ අධිකරණය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදුන් පසු එය ඉවත් කරන ලෙස ඉල්ලා කෑගැසීමෙන් පලක් නොමැති බව ද පැවසීය.

එවැනි ක්‍රියාමාර්ගවලින් නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යා නොහැකි බවත්, නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පූර්ණ බලතල අදාළ ආයතන වෙත ලබාදී ඇති බවත් ඔහු සඳහන් කළේය.

නීතිය ඉදිරියේ සියලුදෙනා සමාන විය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා, නීතියේ සමානාත්මතාවක් නොමැති රටක අනාගත පරපුරට ආරක්ෂාවක් නොමැති බව ද පෙන්වා දුන්නේය.

මෙතෙක් තමන්ට නීතිය ක්‍රියාත්මක නොවනු ඇතැයි සිතා සිටි පුද්ගලයන්ට එරෙහිව ද මේ වන විට නීතිය ක්‍රියාත්මක වන බව ඔහු පැවසීය.

අධ්‍යාපනයේ අලුත් විෂයමාලා වෙනසක් අගමැතිනිය හෙළිකරයි - ''ලබන වසරේ 2 සහ 6 ශ්‍රේණිවලට නව විෂයමාලා''

අධ්‍යාපනයේ අලුත් විෂයමාලා වෙනසක් අගමැතිනිය හෙළිකරයි - ''ලබන වසරේ 2 සහ 6 ශ්‍රේණිවලට නව විෂයමාලා''

අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාවත් පෙන්වා දෙයි ලෝකයේ ප්‍රබල ශ්‍රම වෙළෙඳපොළට ගැළපෙන නිර්මාණශීලී දරුවෙකු බිහිකිරීම සඳහා පැරණි ඒකාකාරී අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඒ සඳහා පාසල්වලට තාක්ෂණික සහාය ලබාදෙමින් සිටින බවත්, පාසල් 6,000කට අධික සංඛ්‍යාවකට අධිවේගී ෆයිබර් තාක්ෂණික සබඳතා ලබාදීමට කටයුතු කර ඇති බවත් ඔහු පැවසීය. ඉදිරියේදී මෙම වැඩපිළිවෙළ තවදුරටත් පුළුල් කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය සහ පාතාලය තුරන් කිරීම රජයේ අරමුණයි නීතිය බිඳවැටීම සහ දේශපාලන රැකවරණය හේතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් හා පාතාල ක්‍රියාකාරකම් ව්‍යාප්ත වූ බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

සිය රජය යටතේ එවැනි ක්‍රියාකාරකම්වලට ඉඩක් නොමැති බවත්, මත්ද්‍රව්‍ය සහ පාතාලය මුලිනුපුටා දැමීම රජයේ අරමුණ බවත් ඔහු පැවසීය.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුම්වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 2,484ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3,301ක් සහ කොකේන් කිලෝග්‍රෑම් 297ක් පොලිස් භාරයට ගෙන ඇති බව ද ජනාධිපතිවරයා අනාවරණය කළේය.

එම මෙහෙයුම්වලදී T-56 ගිනිඅවි 93ක්, පිස්තෝල 141ක් සහ රිවෝල්වර් 105ක් ද පොලිසිය භාරයට ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.

කොටුව දුම්රියපොළ අසල හදිසියේ දැවැන්ත උද්ඝෝෂණයක් - ‘කුමන්ත්‍රණය පරදවමු’ කියමින් ජන වරම පුරවැසියෝ පාරට බසී

කොටුව දුම්රියපොළ අසල හදිසියේ දැවැන්ත උද්ඝෝෂණයක් - ‘කුමන්ත්‍රණය පරදවමු’ කියමින් ජන වරම පුරවැසියෝ පාරට බසී

අනාගත පරපුරට ආරක්ෂිත රටක් නිර්මාණය කිරීමට නම් මත්ද්‍රව්‍ය සහ පාතාලය මෙරටින් මුළුමනින්ම තුරන් කළ යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජාතිවාදයට සහ ආගම්වාදයට ඉඩක් නැහැ ජාතික ජන බලවේග ආණ්ඩුව කිසිදු කුමන්ත්‍රණයකට ගොදුරු නොවන බව පැවසූ ජනාධිපතිවරයා, ජාතිවාදයට හෝ ආගම්වාදයට ඉඩ නොතබා ජාතික සමගිය හා ආගමික සංහිඳියාව සහිත රටක් ගොඩනැගීම රජයේ අරමුණ බව ද සඳහන් කළේය.

මහජන දේපළ සොරකම් කළ සහ වංචා හා දූෂණවලට සම්බන්ධ සියලුදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර, ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර දඬුවම් ලබාදීමට කටයුතු කරන බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

කුමන්ත්‍රණකාරී බලවේගවලට රට විනාශ කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

දිවයින පුරා විදුලි බිඳවැටීමට කොත්මලේ බලපෑවාද? අමාත්‍ය අනුර කරුණාතිලකගෙන් හදිසි ප්‍රකාශයක්

දිවයින පුරා විදුලි බිඳවැටීමට කොත්මලේ බලපෑවාද? අමාත්‍ය අනුර කරුණාතිලකගෙන් හදිසි ප්‍රකාශයක්