අධ්‍යාපනයේ අලුත් විෂයමාලා වෙනසක් අගමැතිනිය හෙළිකරයි - ''ලබන වසරේ 2 සහ 6 ශ්‍රේණිවලට නව විෂයමාලා''

Report

එළැඹෙන වසරේදී දෙවන සහ හයවන ශ්‍රේණි සඳහා නව විෂයමාලා හඳුන්වා දීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

අද (18) බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

මෙම වසරේදී පළමු ශ්‍රේණිය සඳහා නව විෂයමාලාවක් හඳුන්වා දුන් බවත්, ඉදිරි වසර දෙක තුළ දෙවන සහ හයවන ශ්‍රේණි සඳහා නව විෂයමාලා හඳුන්වා දීමට සැලසුම් කර ඇති බවත් ඇය පැවසුවාය.

සියලු දරුවන්ගේ අනාගතය සුරක්ෂිත වන ආකාරයේ නව අධ්‍යාපන ක්‍රමවේදයක් වත්මන් රජය විසින් සකස් කර ඇති බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

විභාගවලට පමණක් සීමා වූ අධ්‍යාපනයක් වෙනුවට, අනාගතය පිළිබඳ බලාපොරොත්තු සහිතව අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැකි පරපුරක් බිහිකිරීම රජයේ ප්‍රධාන අරමුණ බව ද ඇය අවධාරණය කළාය.

මාලිමාවේ කාන්තා බලය පෙන්වන බදුල්ලේ සමුළුව ඇරඹෙයි

මාලිමාවේ කාන්තා බලය පෙන්වන බදුල්ලේ සමුළුව ඇරඹෙයි

ගුරුවරුන් 17,000කට සම්මුඛ පරීක්ෂණ නොවැම්බර් 20 සිට මේ අතර, ගුරුවරුන් 17,000ක් බඳවා ගැනීම සඳහා නොවැම්බර් 20 වැනිදා සිට සම්මුඛ පරීක්ෂණ ආරම්භ කරන බව ද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

විශ්වවිද්‍යාල පද්ධතියට ආචාර්යවරුන් 2,000ක් බඳවා ගැනීම සඳහා අනුමැතිය ලබාදී ඇති බවත්, මේ වන විට එම බඳවා ගැනීම් සිදුකරමින් පවතින බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ලබන වසරේ පෙබරවාරි මාසය වන විට සමස්ත අධ්‍යාපන පද්ධතියට අලුතින් ගුරුවරුන් 30,000ක් පමණ බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව ද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

ඊට අමතරව පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

නුවරඑළිය යටවෙයි - මහවැසි ඇඳ හැලෙයි - රථ වාහන ගමනා ගමනයට බාධා

නුවරඑළිය යටවෙයි - මහවැසි ඇඳ හැලෙයි - රථ වාහන ගමනා ගමනයට බාධා