රු.25,000 දිමනාව ගැන ජනපති දුන් පොරාන්දුව
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ, ජනාධිපති ලේකම කාර්යාලයේ දෙසැම්බර් 15 වැනිදා පැවති ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ 16 වැනි රැස්වීමට සහභාගි වෙමිනි.
එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, ලබන වසර අවසානය වන විට මෙම පවුල් සඳහා නිවාස 8,000ක් ඉදිකර අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි.
රැස්වීමේදී ජාතික ඒකාබද්ධ ව්‍යසන කළමනාකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සහ 2005 අංක 13 දරණ ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත සංශෝධනය කිරීමට අදාළ කැබිනට් සංදේශයක් ද ඉදිරිපත් විය.
එසේම, වතු ප්‍රදේශවල නායයෑම් අවදානම අවම කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් අදාළ පාර්ශ්වකරුවන්, වතු හිමියන් සහ පළාත් පාලන ආයතන අතර සම්බන්ධීකරණයෙන් ජලාපවහන පද්ධති ඉදිකිරීම්, ප්‍රතිසංස්කරණ ඇතුළු ක්‍රියාමාර්ග සඳහා නිර්දේශ ලබාදීමේ සහ සහතික කිරීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට ද අවධානය යොමු වී ඇත.
රැස්වීමේදී අනාවරණය වූයේ, මෑතකදී සිදුවූ ආපදා හේතුවෙන් නිවාස සම්පූර්ණයෙන් හානි වූ ගණන 6,164ක් ද, අර්ධ හානි වූ ගණන 112,110ක් ද වී ඇති බවයි.
ගංවතුරෙන් පීඩාවට පත් නිවාස පවිත්‍ර කිරීම සඳහා රජය ලබාදෙන රුපියල් 25,000ක දීමනාවේ ගෙවීම්වල මතුව ඇති ගැටලු විසඳා මෙම සතිය තුළදී ගෙවීම් අවසන් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
2016 ගංවතුර හානි සඳහා ජනතාවට රුපියල් බිලියන 7.51ක් ගෙවා තිබුණත්, ප්‍රතිරක්ෂණ ආයතනවලින් ලැබුණේ රුපියල් බිලියන 1.42ක් පමණි. ඒ අනුව රජයට රුපියල් බිලියන 5.79ක පාඩුවක් සිදුව ඇති බව මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය.
මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සහභාගි වී සිටියේය.