මෙරටින් සමුගෙන යාමට සැරසෙන ජූලි චන්ග් ජනපති හමු වෙයි

Report

ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපති ලෙස සිදුකළ සිය රාජ්‍යතාන්ත්‍රික සේවය නියමිත ජනවාරි 16 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ජූලි චන්ග් මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු ව ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරන්නේ ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව සිදු වූ බවයි.

තවද ජනාධිපතිවරයා විසින් ජූලි චන්ග් මහත්මිය සිය ධුර කාලය තුළ එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා දැරූ අඛණ්ඩ උත්සාහය ප්‍රශංසාවට ළක් කර තිබේ.

ඒ වගේම මෙරටට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීම වෙනුවෙන් එක්සත් ජනපදය සමඟ සම්බන්ධ වෙමින් ඇය ඉටු කළ කාර්යභාරය වෙනුවෙන්ද මෙහිදී ජනාධිපතිවරයා සිය ස්තූතිය පළ කර තිබේ.

IMF නියෝජිත පිරිසක් ලබන 22 වැනිදා දිවයිනට හේතුව මෙන්න

IMF නියෝජිත පිරිසක් ලබන 22 වැනිදා දිවයිනට හේතුව මෙන්න

තවද ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත් වූ සාකච්ඡාවලදී ඇය ලබා දුන් සුවිශේෂී සහාය ඇගයීමට ලක් කර ඇත.

ඒ වගේම 2022 පෙබරවාරි මස ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපති ලෙස පත්ව මෙරටට පැමිණි ජූලි චන්ග් මහත්මියගේ සිව් වසරක ධූර කාලය තුළ, අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 75 වන සංවත්සරය ඇතුළු දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල වැදගත් සන්ධිස්ථාන කිහිපයක් ද සළකුණු කරන්නට සමත් විය.

පොලිස් නිලධාරියෙකුට දිවි අහිමි කළ මාරක අනතුර

පොලිස් නිලධාරියෙකුට දිවි අහිමි කළ මාරක අනතුර