IMF නියෝජිත පිරිසක් ලබන 22 වැනිදා දිවයිනට හේතුව මෙන්න

Report

 ජාත්‍යන්තර අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලබන 22 වැනිදා මෙරටට පැමිණීමට නියමිතව තිබෙන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය අනිල් ජයන්ත මහතා සදහන් කර තිබේ.

ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ 5 වන සමාලෝචනය සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කිරීම සඳහා වේ .

ඒ වගේම විස්තීර්ණ අරමුදල් පහසුකමේ 5 වන සමාලෝචනය අවසන්ව තිබේ ඒ අනූව ඊට අනුමැතිය ලබාදීම සඳහා විධායක මණ්ඩලය පසුගිය දෙසැම්බර් මස 15 වනදා රැස්වීමට නියමිතව ඇත.

සීමාව පැන්න ඉන්දීය ධීවරයින් පිරිසකට වුණ දේ

සීමාව පැන්න ඉන්දීය ධීවරයින් පිරිසකට වුණ දේ

ඒ වගේම රැස්වීම කල්දමනු ලැබුවේ ශ්‍රී ලංකාව කඩිනම් මූල්‍ය පහසුකම ඉල්ලීම හේතුවෙන් වේ.

තවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා රජය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තුමේන්තුව පිළිබදව ඔවුන් සාකච්ඡා කිරිමට බලාපොරෝත්තු වන බවයි.   

අපරාධයකට සම්බන්ධ සැකකරුවෙකු ගිනි අවියක් සමග පොලීසියට කොටු

අපරාධයකට සම්බන්ධ සැකකරුවෙකු ගිනි අවියක් සමග පොලීසියට කොටු