යුද හමුදාව රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙය ප්‍රශංසනීයයි - ජනපති

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (21) පෙරවරුවේ දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ සහ විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූහ.

පෙළපාලියේදී ජනාධිපතිවරයා සාර්ථක යුද හමුදා පුහුණුවකින් පසු අධිකාරි ලබා වෘත්තීය ජීවිතය ආරම්භ කරන නව නිලධාරීන්ට සුබ පැතුම් එක් කළේය. එහිදී ඔහු ශ්‍රී ලංකා යුද හමුදාව රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙවර සහ විශේෂයෙන් පසුගිය සුළි කුණාටු ආපදාවේදී ජනතාව මුදාගැනීමේ සහ සහන සැලසීමේදී ඉටු කළ විශිෂ්ට කාර්යභාරය ඇගයීමට ලක් කළේය.

දෙසැම්බර් 31ට පෙර රු. 25,000ක් සහ රු. 50,000ක් බෙදාහැරීමට නියෝග

දෙසැම්බර් 31ට පෙර රු. 25,000ක් සහ රු. 50,000ක් බෙදාහැරීමට නියෝග

ජනාධිපතිවරයා තවදුරටත් පෙන්වා දුන්නේ, ඉතිහාසයේ අපේ රට ගෞරවණීය රාජ්‍යයක් වුවද පසුගිය දශක කිහිපයේදී සාරධර්ම පිරිහීම, මිනිස් සබඳතාවල වටිනාකම අඩුවීම සහ බිඳවැටීම් හේතුවෙන් අභිමානය අහිමි වූ තත්ත්වයකට පත්ව තිබූ බවයි. මාතෘභූමිය යළි ලෝකයේ උසස්, වටිනාකම් සහ ඇගයීම්වලට ලක්වන රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමේ වගකීම අප සැමගේම බවත්, ඒ සඳහා එක්ව වැඩ කරන්නැයි ආරාධනා කළේය.

රටක් ලෙස ඉදිරියට යා හැක්කේ එකිනෙකාට එරෙහිව සැකයෙන් සහ අවිශ්වාසයෙන් බැලීමෙන් නොව, කිසිදු අභියෝගයක් හමුවේ නොසැළි, තිර අදිටනින් සහ එකම අරමුණකින් යුතුව සියලුදෙනා තමන් වෙත පැවරී ඇති වගකීම් ඉටු කිරීමෙන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

සිරිමාවෝ සිසුවියක් ප්‍රසිද්ධියේ කළ චෝදනාවට විදුහල්පතිනිය කියන කතාව මෙන්න

සිරිමාවෝ සිසුවියක් ප්‍රසිද්ධියේ කළ චෝදනාවට විදුහල්පතිනිය කියන කතාව මෙන්න

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ලෙස පැවරී ඇති වගකීමත්, ආගමික සංස්ථාවන් ලෙස පැවරී ඇති වගකීමත්, ජනතාව ලෙස සහ ආරක්ෂක හමුදාවන් ලෙස පැවරී ඇති වගකීමත් නිසි පරිදි ඉටු කිරීමෙන් ඉතා ඉක්මනින් ඉතිහාසයේ අප සතු වූ අභිමානය සහ ගෞරවයේ උරුමය සහිත මාතෘ භූමිය යළි නිර්මාණය කරගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් එක්ව වැඩ කරමු'යිද සියලුදෙනාට ආරාධනා කළේය.

අපේ රට ඉතා විශිෂ්ට උරුමයකට සහ ජයග්‍රහණවලට හිමිකම් කිව්වද පසුගිය දශක කිහිපය තුළ රට සියලු ආකාරයේ බිඳ වැටීමවලට ලක්වූ බව සඳහන් කළ ජනාධිපතිවරයා අද සියලුදෙනා වෙත පැවරී ඇති වගකීම වන්නේ මාතෘ භූමිය යළි ලෝකයේ උසස් වටිනාකම් සහ ඇගයීම්වලට ලක්වන රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීම බවද පැවසීය.   


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery