ලංකාවට වාසියක් - බිල් ගේට්ස්ගෙන් ජනපතිට පණිවිඩයක්

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ගේට්ස් පදනමේ ගෝලීය සංවර්ධන අංශ ප්‍රධානී ආචාර්ය ක්‍රිස් එලායස් මහතා සහතික වූ නියෝජිත කණ්ඩායමක් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී (10) පැවැත්විණි.

නිල සාරියකින් අප්සාරි - සමාජ මාධ්‍ය රඟදක්වයි!

නිල සාරියකින් අප්සාරි - සමාජ මාධ්‍ය රඟදක්වයි!

මෙහිදී ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය වන කෘෂිකාර්මික නවීකරණය, ආහාර හා පෝෂණය, ඩිජිටල් යටිතල පහසුකම්, ග්‍රාමීය ප්‍රජාවට නව තාක්ෂණය එකතු කිරීම වැනි කරුණු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරිණි.

ආචාර්ය එලායස් මහතා විසින් “Inclusive Digital Agriculture Transformation” නම් වැඩසටහන පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කරමින්, එය සුළු ගොවින්ගේ ජීවිකාව වර්ධනයටත් දත්ත මත පදනම් වූ තීරණ ගැනීමටත් උපකාරී වන බව පැවසීය.

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

ජනාධිපතිවරයා සදහන් කළේ, මෙම වැඩසටහන කෘෂිකාර්මික නවීකරණය සහ ග්‍රාමීය ප්‍රජාවේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට දායක වන අතර, තිරසාර සංවර්ධනය සඳහා දෙපාර්ශ්වයේ කැපවීමක් පෙන්නුම් කරන බවය.

හරක් කටාගේ බිරිඳව අල්ලලා නැහැ - එයා ගෙදරලු - මදුවන්තිගේ නීතීඥයින් කියයි

හරක් කටාගේ බිරිඳව අල්ලලා නැහැ - එයා ගෙදරලු - මදුවන්තිගේ නීතීඥයින් කියයි

Sri Lanka සමඟ එක්වීමට ලැබුණු අවස්ථාව පිළිබඳ සතුට පළ කළ ආචාර්ය එලායස්, රජයේ සංවර්ධන උත්සාහවලට සහය ලබා දීමට කැපවීමක් පෙන්වා දුනි.

මේ අවස්ථාවට ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක, ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය, ගේට්ස් පදනමේ ආචාර්ය ජමාල් ඛාන්, අර්ච්නා ව්‍යාස්, තුෂාන් විජේසිංහ සහ චන්දිත සමරනායක යන නියෝජිතයන්ද සහභාගි විය.