ශ්‍රී ලංකාවට එරෙහි ඔස්ට්‍රේලියානු එක්දින සංචිතය මෙන්න...

Report

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් එක්දින තරගාවලිය සඳහා තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය ඊයේ (9) ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඉතුරු සල්ලි ඉල්ලන් පස්සෙන් ගිය කාලේ ළගදීම ඉවරයි.. කොන්දොස්තර රස්සාවටත් තට්ටු වෙන හැඩයි..

ඉතුරු සල්ලි ඉල්ලන් පස්සෙන් ගිය කාලේ ළගදීම ඉවරයි.. කොන්දොස්තර රස්සාවටත් තට්ටු වෙන හැඩයි..

ඒ අනූව ට්‍රැවිස් හෙඩ්, මැට් ෂෝර්ට්, ස්ටීව් ස්මිත්, මාර්නස් ලැබුෂේන්, ජොෂ් ඉන්ග්ලිස්, ඇලෙක්ස් කේරි, ආරොන් හාඩි, ග්ලෙන් මැක්ස්වෙල්, කූපර් කොනොලි, ෂෝන් ඇබට්, බෙන් වාර්ෂුයිස්, ජේක් ෆ්‍රේසර්-මැක්ගර්ක්, මිචෙල් ස්ටාර්ක්, නේතන් එලිස් සහ ස්පෙන්සර් ජොන්සන් එම සංචිතයට ඇතුලත්.

මීට අමතරව එම සංජිතයට යොවුන් දඟපන්දු යවන ක්‍රීඩක තන්වීර් සංඝා කැඳවා තිබෙනවා. 

මේ අතර ඉන්දියාවට එරෙහිව අවසන් වූ බෝඩර්-ගවස්කර් කුසලානයේදී ආබාධයකට ලක් වූ වේගපන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ් ද ඒ අනූව ඔහුට තවත් දින කිහිපයකින් පාකිස්තානයේ පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන තරගාවලියද අහිමිවනු ඇති බවයි පැවසෙන්නේ.

තරගයක් අතර තුර නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක රචින් රවීන්ද්‍රට බරපතළ අනතුරක්...(VIDEO)

තරගයක් අතර තුර නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක රචින් රවීන්ද්‍රට බරපතළ අනතුරක්...(VIDEO)

මේ වන තෙක්ම ඕස්ට්‍රේලියාව කණ්ඩායම් නායකයා ප්‍රකාශයට පත් නොකිරීම විශේෂත්වයක්

මේ අතර ස්ටීව් ස්මිත් හෝ ට්‍රැවිස් හෙඩ් දෙදෙනාගෙන් කෙනෙක් එහි නායකත්වයට පත්කිරීම සම්බන්ධයෙන් සලකාබලමින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ අනූව ලංකාවට එරෙහි එක්දින තරගාවලියේ නායකත්වය පත්කරන්නා බොහෝ දුරට චැම්පියන්ස් කුසලානයේදී ඔස්ට්‍රේලියානු නායකයා වනු ඇති බව සඳහන්.


You may like this video