සංවර්ධනයේ නව පියවරක් - මධ්‍යම අධිවේගයේ තුන්වන අදියරේ වැඩ ඇරඹෙයි
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ 3 වන අදියර අද (29) ගලගෙදර බඹරගහ හන්දියෙන් ආරම්භ වීමට නියමිතව තිබේ . ඒ ජනාධිපති අනුර කුමාරදිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි එම උත්සවයට අමාත්‍ය බිමල් රත්නායක නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන යන මහත්වරුන් එක්වනු ඇත.
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තෙවන අදියර ක්‍රියාත්මක වන්නේ රඹුක්න සිට ගලගෙදර දක්වායි. මෙම ඉදිකිරීම් සඳහා සුදුසුකම් සහිත දේශීය කොන්ත්‍රාත්කරුවන් අතර තරගකාරී ප්‍රසම්පාදනය හරහා රජයේ මුදල් භාවිත කරමින් කොන්ත්‍රාත් පැකේජ 7ක් යටතේ ලංසු කැඳවා තිබුණි.
ඒ අනුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව එම කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ද පසුගියදා හිමිවිය මධ්‍යම අධිවේගී මාර්ගයේ මේ වන විට පොතුහැර සිට රඹුක්කන දක්වා මාර්ගයේ ඉදිකිරීම් අවසන් අදියරට පැමිණ ඇත.
ඒ අනුව රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ මීළඟ අදියරේ කටයුතු ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්ව තිබේ.
කිලෝමීටර් 19 ක් මෙම අදියරේ දී ඉදිකෙරෙන බවයි මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘති භාර ඉංජිනේරු එස්.බි විජේකෝන් මහතා සඳහන් කළේ. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 112 ක් පමණ වන වේ