ජනපතිගෙන් නිලධාරීන්ට අවසන් නියෝගයක්
Anura Kumara Dissanayaka
Sri Lanka Politician
Sinhala news
By Mithu
මෙවර අයවැය මගින් වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදන යටතේ නාගරික සංවර්ධන, ඉදිකිරිම් සහ නිවාස අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (06දා) පැවැත්විණි.
ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා ක්‍රියාත්මක නගර සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය, කොළඹ දිස්ත්‍රික්කයේ ඇළ මාර්ග පවිත්‍රතා සහ කසළ කළමනාකරණ ව්‍යාපෘති, ජල ව්‍යාපෘති සහ නිවාස ආධාර ව්‍යාපෘතිවල ක්‍රියාකාරිත්වය සහ වත්මන් ප්‍රගතිය මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
මෙම සෑම ව්‍යාපෘතියක්ම සැලසුම් කළ ලෙස නියමිත කාල පරිච්ඡේදය තුළ අවසන් කිරීමට වගබලා ගන්නා ලෙස මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.
