ඇළ මාර්ග සහ කාණු පද්ධතිය කඩිනමින් පිළිසකර කරන්න ජනපතිගෙන් උපදෙස්

Report

කොළඹ දිස්ත්‍රික්කය තුළ ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගය වැළඳීමේ ප්‍රවණතාව වැඩිවීමක් දක්නට ලැබෙනවා.

එයට හේතු වන ඇළ මාර්ග සහ කාණු පද්ධතිය කඩිනමින් පිළිසකර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබෙනවා.

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය සහ ඊට අදාළ ආයතනවල නිලධාරීන් සමඟ ඊයේ (20) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී තිබෙනවා.

පකිස්තානු ජනගහනයෙන් මිලියන 11ක් සාගින්නේ

පකිස්තානු ජනගහනයෙන් මිලියන 11ක් සාගින්නේ

මෙහිදී ජනපති නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ ඇළ මාර්ග සහ කාණු පද්ධති නිසි ලෙස නඩත්තු නොවීම පිළිබඳ මෙන්ම අවිධිමත් ලෙස සිදුකර තිබෙන කසළ බැහැර කිරීම මෙන්ම අපජලය බැහැර කිරීම සම්බන්ධව තිරසාර විසඳුම් සහිත සැලැස්මක් සකස් කරන ලෙසයි.

ඊට අදාළ සැලසුම් කඩිනමින් ඉදිරිපත් කරන ලෙසද වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

පරිසර පොලීසිය බලගැන්වීම සහ ප්‍රජා කමිටුවල සක්‍රීය දායකත්වය ලබාගැනීම තුළින් අවිධිමත් ලෙස කැළිකසළ බැහැර කිරී‍මේ ගැටලුවට විසඳුම් සෙවීම සම්බන්ධවද මෙහිදී අවධානය යොමු කර තිබෙනවා. 

EPF සේවාවන් ගැන දැනුම් දීමක්

EPF සේවාවන් ගැන දැනුම් දීමක්