ජනපති අද ඉන්දියාවට

Report

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ඉන්දීය අග්‍රා­මාත්‍ය නරේන්ද්‍ර මෝදි මහ­තාගේ විශේෂ ආරා­ධ­නය අනුව AI Impact Summit 2026 සඳහා සහ­භාගි වීමට අද (17) පස්ව­රුවේ ඉන්දි­යාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

කෘත්‍රිම බුද්ධිය මානව වර්ග­යාගේ යහ­පත උදෙසා වග­කීම් සහ­ග­තව භාවිත කිරීමේ අර­මු­ණින් ඉන්දීය අග්‍රා­මාත්‍ය නරේන්ද්‍ර මෝදි මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් මෙම සමු­ළුව පැවැ­ත්වේ.

ඒ වගේම ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා මෙම 19 වන දා සමු­ළුව ඇම­තී­මට නිය­මි­තයි. තවද දින 05ක් පුරා පැවැ­ත්වෙන මෙම සමු­ළුව සඳහා රට­වල් 20ක රාජ්‍ය නාය­ක­යන් සහ රට­වල් 45කට වැඩි සංඛ්‍යා­වක නියෝ­ජි­ත­යන් සහ­භාගි වීමට නිය­මිතව ඇත.

මෙම සමු­ළු­වේදී කෘත්‍රිම බුද්ධි තාක්ෂ­ණයේ අනා­ගත ගම­න්මඟ සහ ගෝලීය අභි­යෝග ජය ගැනී­මට එය භාවිත කළ හැකි ආකා­රය පිළි­බඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරේ.

අමෙරිකාවේ වෙඩි තැබීමක් - තිදෙනෙක් ජීවිතක්ෂයට

අමෙරිකාවේ වෙඩි තැබීමක් - තිදෙනෙක් ජීවිතක්ෂයට

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ මෙම ඉන්දි­යානු සංචා­රය අත­ර­තුර ජනා­ධි­ප­ති­ව­රයා ඉන්දීය අග්‍රා­මාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු රාජ්‍ය නාය­ක­යන් කිහිප දෙනෙකු සමඟ ද්විපා­ර්ශ්වික සාකච්ඡා පැවැ­ත්වී­ම­ටද සූදානම්‍ වේ.

නිස්සංකගේ ශතක විරුවන් - ශ්‍රී ලංකාව සුපිරි 8 සිහිනයට තවත් පියවරක්

නිස්සංකගේ ශතක විරුවන් - ශ්‍රී ලංකාව සුපිරි 8 සිහිනයට තවත් පියවරක්