අනුරටයි සජිත්ටයි රනිල්ගෙන් ප්‍රබල අභියෝගයක්... ජනපති ඕනෑම විවාදයකට එන්න කියයි..

Election Commission of Sri Lanka Anura Kumara Dissanayaka Ranil Wickremesinghe Sajith Premadasa Sri Lanka Politician
By Aruna May 19, 2024 05:01 AM GMT
Aruna

Aruna

Report

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා කළ විවාද අභියෝගය සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පිළිගත යුතුව තිබූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අනුර දිසානායක මහතා මැයි 20 වැනිදා එම අභියෝගයේ අවසන් දිනය ලෙස නියම කර ඇතත්, සජිත් ප්‍රේමදාස මහතා විසින් එය පිළිගෙන නැති බවත්, ඔහු එය පිළිගෙන විවාදයට මුහුණ දිය යුතුව තිබූ බවත් ජනාධිපතිවරයා සඳහන් කරන ලදී.

ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් සතුටුදායක ආරංචියක්..

ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් සතුටුදායක ආරංචියක්..


කෙසේ හෝ තමන් ඕනෑම කෙනකු සමග විවාද කිරීමට සූදානම් බවද පැවසූ ජනාධිපතිවරයා තමන් පාර්ලිමේන්තුවේ නිතර සිටින බවත් ඕනෑම කෙනෙකුට පාර්ලිමේන්තුවට පැමිණ තමන් සමඟ වාද කළ හැකි බවත් තව දුරටත් කියා සිටියහ.

මේ අතර, සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා හා ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතා අතර විවාදය පැවැත්වෙන දින රජයේ නිවාඩු දිනයක් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළ බව ඇමති හරින් ප්‍රනාන්දු මහතා ද පසුගිය දා ප්‍රකාශ කළේ ය.

හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ, එම විවාදය ජනතාවට දැක බලා ගැනීම වැදගත් බවත්, එය පැවැත්වීම සඳහා දෙපාර්ශවයේම උනන්දුවක් නැති බව පෙනී යන බවයි.

‘දෙදෙනාගෙන් එක ඉල්ලීමක් කරන්න කැමතියි. කරුණාකරලා අර විවාදය තියන්න.

මොකද මේ විවාදයට දෙන්නම හැංඟෙන ගතියක් පේන්න තියෙනවා.

මම ඇත්තටම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමකුත් කරා රජයේ නිවාඩු දිනයක් නම් කරලා, මේ විවාදය ලංකාවේ මිනිස්සුන්ට බලන්න කියන්න.

මුළු පවුලක්ම මරාදමා පාපැදියෙන් යමින් සිටි අයෙක් අල්ලා ගනී..මරන්න හේතුව හෙළි වෙයි..

මුළු පවුලක්ම මරාදමා පාපැදියෙන් යමින් සිටි අයෙක් අල්ලා ගනී..මරන්න හේතුව හෙළි වෙයි..


මේ දෙන්නාගේ විවාදය බලලා රට හදන හැටි. මොකද අභියෝග භාරගන්න බැරි මිනිස්සු කොහොමද රට හදන්නේ කියන එක ඉස්සෙල්ලාම බලන්න ඕනේ.

මේක තනිකර ගේමක් යන්නේ. දෙපැත්තම දන්නවා මේක කරගන්න බෑ කියලා. එක්කෙනෙක් බර සිංහලෙන් කතා කරයි.

අනෙක් කෙනා බර ඉංග්‍රීසියෙන් කතා කරයි. දෙන්නට දෙන්නා කතා කරපු එක තේරෙන්නේ නැති වෙයි.

අපි කරුණාකරලා ඉල්ලනවා කයිවාරුවෙන් නෙමෙයි ක්‍රියාවෙන් කරලා පෙන්වන්න’ කියලා.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%