මුළු පවුලක්ම මරාදමා පාපැදියෙන් යමින් සිටි අයෙක් අල්ලා ගනී..මරන්න හේතුව හෙළි වෙයි..
බාප්පා,පුංචි සහ සහෝදරයා මරා මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද අලුයම හතරට පමණ මාලදෙනිය ප්‍රදේශයේ නිවසකදී මෙම අමානුෂික ඝාතනය සිදුව ඇති බවයි නාල්ල පොලිසිය සඳහන් කර සිටින්නේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 07ට හදිසි අනතුරු ඇඟවීමක්..මේ ප්‍රදේශ වල ජනතාව දැඩි අවධානයෙන් ඉන්න..
පාපැදියකින් ගමන් ගත් පුද්ගලයකු පරීක්ෂා කළ පොලිසිය ඔහු සතුව රුපියල් ලක්ෂ 3කට ආසන්න මුදලක් සහ රන් භාණ්ඩ තිබී හමුවී තිබේ.
පොලිසිය සඳහන් කරන්නේ, ඒ සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ගොස් පරීක්ෂා කිරීමේදී ඔහු සතුව තිබූ, ලිපියන් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී මෙම ඝාතනයේ තොරතුරු අනාවරණය වූ බවයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ තම බිරියගේ බාප්පා,පුංචි සහ ඔවුන්ගේ දරුවා බව මෙතෙක් සිදු කල පරීක්ෂණ වලින් අනාවරණය වූ බවයි, පොලිසිය සඳහන් කළේ.