ලක්ෂ 16 කට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වෙයි..එම පිරිස මෙන්න.

Report

විදෙස්ගත රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 16 කට මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ඇහිරී ගොස් ඇති බව වාර්තා වනවා.

මේ අනුව, ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 09 ක් මැදපෙරදිග රටවල සේවයේ නිරතව සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කර සිටියි.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල රැසක මිල සම්බන්ධයෙන් එකවරම විශේෂ තීරණයක් ගනී..

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල රැසක මිල සම්බන්ධයෙන් එකවරම විශේෂ තීරණයක් ගනී..


විදෙස් රැකියාවල නිරත පිරිස මැතිවරණ දිනයේදී ද එම රටවල සිය රැකියාවල නිරතවීම නිසා ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ඇහිරී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව, මෙරට බන්ධනාගාරගත රැඳවූවන්, රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නන්, ඈත දියඹේ ධීවර කටයුතුවලට පිටත්ව ගොස් සිටින ධීවරයන් ඇතුළු කණ්ඩායම්වලට ද ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමිවනු ඇති.

මෙවර ජනාධිපතිවරණයේදී ඉතිහාසයේ ප්‍රථම වරට 17,140,354 ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටීමද විශේෂතවයක්.

දිවයින පුරා සියලුම ඡන්දදායකයින්ට අද සිට විශේෂවෙයි..රාජ්‍ය සේවකයින්ටත් දැනුම්දීමක්..

දිවයින පුරා සියලුම ඡන්දදායකයින්ට අද සිට විශේෂවෙයි..රාජ්‍ය සේවකයින්ටත් දැනුම්දීමක්..


ඉකුත් 2019 වසරේ පැවැති ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කළ සංඛ්‍යාවට වඩා 1,148,258 ක් මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබීමද විශේෂත්වයක්.