රාජ්‍ය සේවයේ රාජකාරි නිසි ලෙස ඉටු නොවුනහොත් තීරණාත්මක පියවර.. - ජනපති අනුර

Report

ශක්තිමත් රාජ්‍ය සේවයක් ගොඩනැගිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

රාජ්‍ය සේවයට අවශ්‍ය පහසුකම් සහ වැටුප් වැඩිවීම් ලබාදෙන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, එම පහසුකම් සැපයූ විට රාජ්‍ය සේවයෙන් ඉටු විය යුතු රාජකාරි නිසි ලෙස ඉටු නොවන්නේ නම්, ඒ සම්බන්ධයෙන් දැඩි තීන්දු ගැනීමට පසුබට නොවන බවත් සඳහන් කළේය. අක්කරපත්තුවේ ජාතික ජනබල වේගයේ ජනහමුවකදී අද (11) පස්වරුවේ ජනාධිපතිවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින්, රාජ්‍ය සේවයේ කටයුතු සිදුකර ගැනීම සඳහා කිසිදු ලෙසකින් පගා ලබා නොදෙන ලෙස මහජනතාවට උපදෙස් දුන් ජනාධිපතිවරයා, රජය මේ වන විට ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා ගොඩනගා ඇති බවත්, එළඹෙන සැප්තැම්බර් මාසයේ ජපානයේ නිල සංචාරයක් සඳහා ආරාධනා ලැබී ඇති බවත් ප්‍රකාශ කළේය.

හරක්කටා නඩත්තු කරන්න රාජ්‍ය වියදමෙන් මාසෙකට කෝටියක්?

හරක්කටා නඩත්තු කරන්න රාජ්‍ය වියදමෙන් මාසෙකට කෝටියක්?

අප්‍රේල් 15 රජයේ නිවාඩු දිනයක්?

අප්‍රේල් 15 රජයේ නිවාඩු දිනයක්?