ශ්‍රී ලන්කන් ගැන ජනපති කට අරී!

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් අතර හමුවක් ඊයේ (08) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

මෙහිදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලාභදායී රාජ්‍ය ව්‍යාපාරයක් බවට පත් කිරීම සඳහා යෝජනා පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, එහි ණය කළමනාකරණයට ගත හැකි කෙටිකාලීන සහ දිගුකාලීන විසඳුම් පිළිබඳවත් අවධානය යොමු වුණා.

ඉරිදාට ටියුෂන් තහනම් වෙයි ද?

ඉරිදාට ටියුෂන් තහනම් වෙයි ද?

නව ආයෝජන අවස්ථා ගැනත් මෙහිදී සාකච්ඡා වුණා. ශ්‍රී ලංකන් ගුවන් සේවය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නා.

ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙහෙයුම්වලින් ලාභ ලැබුවත්, වැරදි කළමනාකරණ තීරණ හේතුවෙන් පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් අතර ඉහළින්ම තිබෙන ආයතනයක්.

පසුගිය ආණ්ඩුව එය පෞද්ගලීකරණය කිරීමට ගත් තීරණය වෙනස් කරමින්, වත්මන් රජය එය ජාතික ගුවන් සේවයක් ලෙස පවත්වාගෙන යමින්, නව කළමනාකරණයක් යටතේ ලාභ ලබන ආයතනයක් බවට පත් කර ඉදිරියට ගෙන යාමට තීරණය කර තිබෙනවා.

තීරුබදු අවුල - සාකච්ඡා කරන්න ලංකාවෙන් කණ්ඩායමක් අමෙරිකාවට!

තීරුබදු අවුල - සාකච්ඡා කරන්න ලංකාවෙන් කණ්ඩායමක් අමෙරිකාවට!

මෙම හමුවට කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරුන් ද, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති සරත් ගනේගොඩ මහතා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් ද සහභාගී වුණා.