“මුළු ජාතියම ඔබ සමඟයි” - රුමේෂ් තරංගට ජනපති අනුරගෙන් සුබපැතුම්
ශ්‍රී ලංකාව වෙනුවෙන් ආසියානු ක්‍රීඩා උලෙළක හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් පළමු වරට රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංග පතිරාජට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබපැතුම් එක්කර තිබේ.
රුමේෂ්ගේ මෙම ජයග්‍රහණය සමස්ත ශ්‍රී ලාංකික ජාතියම ආඩම්බරයට පත්කළ ඓතිහාසික ජයග්‍රහණයක් බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත. සියලු ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන්, ක්‍රීඩාවේ ඉහළම ජයග්‍රහණය වන ඔලිම්පික් රන් පදක්කම දිනාගැනීමේ ඉලක්කය කරා යන රුමේෂ්ගේ ඉදිරි ගමන සාර්ථක වේවායි ජනාධිපතිවරයා ප්‍රාර්ථනා කර තිබේ. ජාත්‍යන්තර ජයග්‍රහණ අත්කර ගැනීමට අපේක්ෂා කරන රුමේෂ් ඇතුළු සියලු ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය සහාය ලබාදීමට රජය පූර්ණ කැපවීමෙන් කටයුතු කරන බවද ජනාධිපතිවරයා පවසා ඇත. “රුමේෂ්, අහස ජයගැනීමට දිගටම උත්සාහ කරන්න. මුළු ජාතියම ඔබ සමඟයි” යනුවෙන්ද ජනාධිපතිවරයා සිය පණිවුඩයෙන් සඳහන් කර තිබේ.
[
Congratulations and best wishes to Rumesh Tharanga Pathirage on winning Sri Lanka’s historic Asian Games gold medal, the first ever won by the country in the javelin. You have made the entire nation proud. On behalf of all Sri Lankans, I wish you continued success as you set your sights on the greatest prize of all: Olympic gold. We remain fully committed to supporting you, and all our aspiring sportsmen and sportswomen, on the road to international success. Keep reaching for the skies, Rumesh – the nation is fully behind you!
— Anura Kumara Dissanayake (@anuradisanayake) September 28, 2026