නුවරඑළියටම නරක ආරංචියක් - ග්‍රෙගරි වැව ඉක්මනට පාරිසරික ලෙස සංරක්ෂණය නොකළහොත් තවත් බේරේ වැවක් වෙනවා

Report

පරිසර නියෝජ්‍ය ඇමැති ඇන්ටන් ජයකොඩි මළ අපද්‍රව්‍යවල අන්තර්ගත බැක්ටීරියා නුවරඑළිය ග්‍රෙගරි වැවේ ජලයේ අන්තර්ගත බව පරීක්ෂණවලදී තහවුරු වී ඇති බව සඳහන් කරයි.

එසේම එම ජලයේ නයිට්‍රිජන්,පොස්පරස් ප්‍රමාණය ඉහළ මට්ටමක පවතින බවත්, එබැවින් වැව ඉක්මණින් පාරිසරික ලෙස සංරක්ෂණය නොකළහොත් තවත් බේරේ වැවක් බවට පරිවර්තනය වීමේ හැකියාව පවතින බවත් ඔහු ප්‍රකාශ කරයි.

තවද නුවරඑළිය ග්‍රෙගරි වැව කළමනාකරණය කිරීමට ක්‍රියාකාරී කමිටුවක් සහ අධීක්ෂණ කමිටුවක් පත් කිරීමට අදාළව ඉදිරියේදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා. ඒ ඊයේ (28) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීයි.

එසේම ග්‍රෙගරි වැව පසුගිය වසර 50 ක පමණ කාලය තුළදී විශාල ලෙස ගොඩවී ඇති බවත්, අවට තිබෙන වගාබිම්වලින් අවසාදිත ගලා ඒම ඊට හේතුව බවත් ඔහු සඳහන් කළා.

ඉන්ධන ගැන රටටම සුබ ආරංචියක් - ඉදිරි මාස තුන වෙනුවෙන් රජයෙන් කරන්න යන දේ

ඉන්ධන ගැන රටටම සුබ ආරංචියක් - ඉදිරි මාස තුන වෙනුවෙන් රජයෙන් කරන්න යන දේ

එමෙන්ම ඇන්ටන් ජයකොඩි මහතා පැවසුවේ නුවරඑළිය “ග්‍රෙගරි වැව“ අඩි 5,000 කට වඩා උස් භූමියක පිහිටි වැවක් බවත්, එය ලෝකයේ දුර්ලභ ආකාරයේ පිහිටීමක තිබෙන වැවක් බවත් ය.

මෙම වැවට ප්‍රධාන වශයෙන් ඇළ මාර්ග තුනකින් සහ උල්පත් මගින් ජලය සැපයෙන බවත්, ඇළ මාර්ගවල ජලය වැවට ගමන් කරනු ලබන්නේ ජනාකීර්ණ ප්‍රදේශ හෝ ඇළ මාර්ග හරහා බවත් සඳහන් කළ ඔහු මෙම ඇළ මාර්ග වැවට විශාල ලෙස රොන් මඩ රැගෙන එන මාර්ග බවට පත්ව ඇතැයිද සඳහන් කළා.

තවද ග්‍රෙගරි වැවට ගලා එන අවසාදිත තැන්පත් කරගැනීම සඳහා වැව ආශ්‍රිතව අතීතයේදී “කුළු වැව්“ 18 ක් පැවති බවත්, එම වැව් සියල්ලම පාහේ මේ වනවිට අක්‍රිය තත්ත්වයට පත්ව ඇති බවත් සඳහන් කළ නියෝජ්‍ය ඇමැතිවරයා මධ්‍යම පරිසර අධිකාරිය විසින් 2007 වසරේ මාර්තු මාසයේදී ග්‍රෙගරි වැව ආශ්‍රිත ප්‍රදේශය පාරිසරික සංරක්ෂණ කලාපයක් බවට ගැසට් කර තිබුණද, වැවට තිබෙන පාරිසරික ගැටලුවලට අදාළව විසඳුමක් ලැබී නොමැති බවද වැඩිදුරටත් අවධාරණය කළා.

අද සිට මේ නීතිය ක්‍රියාත්මකයි - උදෑසන 6 - 9 සහ පස්වරු 4 - 7 අතර මේ නීතිය කැඩුවොත් වැඩ වරදින බව දන්වයි

අද සිට මේ නීතිය ක්‍රියාත්මකයි - උදෑසන 6 - 9 සහ පස්වරු 4 - 7 අතර මේ නීතිය කැඩුවොත් වැඩ වරදින බව දන්වයි

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනයක් - දැනට තියෙන ඉන්ධන මිල අඩුම මිලටත් වඩා අඩුවෙන් තියෙන්නේ - රජයට විශේෂ ඉල්ලීමක්

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනයක් - දැනට තියෙන ඉන්ධන මිල අඩුම මිලටත් වඩා අඩුවෙන් තියෙන්නේ - රජයට විශේෂ ඉල්ලීමක්