කෝවිලක ඇතිවූ තෙරපුමකින් පුද්ගලයින් 06 දෙනෙකු මරුට
By Mithu
ඉන්දියාවේ උත්තරාකන්ඩි හී පිහිටි කොවිලක ඇතිවූ තෙරපීමකින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තවත් 35 දෙනෙකු තුවාල ලබා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ උත්තරාකන්ඩි, හරිද්වාර් හී පිහිටි මන්සා දේවි කෝවිලේ මෙම තෙරපීම සිදුව ඇති අතර මාර්ගයේ පඩිපෙළ මත මෙම තෙරපීම සිදුව ඇති බවය.
විදුලි සැර වැදීමක් සිදුවිය හැකි බවට පැතිර ගිය කටකතාවක් හේතුවෙන් ජනතාව අතර භීතියක් ඇතිව ඇති බවත් ඉන්පසු මෙම තෙරපීම සිදුව ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
කෙසේ වෙතත් තෙරපීමෙන් තුවාල ලැබුවන් කඩිනමින් රෝහල් ගත කිරීමට අදාළ පිරිස් විසින් කටයුතු කර ඇති බවත් වාර්තා වේ.
[