ප්‍රසන්න රණතුංගට ඇප

Report

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු අමාත්‍ය ධුරය දැරූ සංචාරක අමාත්‍යාංශය යටතේ පැවති ආයතනවල සේවකයින් සඳහා වෛද්‍ය රක්‍ෂණයට නීත්‍යානුකූල නොවන අයුරින් තැරැව්කාර සමාගමක් පත්කර එම සමාගම වෙත ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව වෙතින් රුපියල් හතලිස් හත් ලක්ෂ 50,828ක කොමිස් මුදලක් ගෙවීමට සලස්වා වාසියක් සිදුකිරීම සහ ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවට පාඩුවක් සිදුකිරීම යන සිදුවීමට බව වාර්තා වේ.

අත්අඩංගුවට පත් ප්‍රසන්න රණතුංග කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට

අත්අඩංගුවට පත් ප්‍රසන්න රණතුංග කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට

ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට ගත් ඇත්තම හේතුව මෙන්න

ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට ගත් ඇත්තම හේතුව මෙන්න