අත්අඩංගුවට පත් ප්‍රසන්න රණතුංග කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට

Report

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් ඇත. ඒ අනුව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් ඇත.

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශයක් ලබාදීම සදහා අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවට පැමිණි අවස්ථාවේදී විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු අමාත්‍ය ධුරය දැරූ සංචාරක අමාත්‍යාංශය යටතේ පැවති ආයතනවල සේවකයින් සඳහා වෛද්‍ය රක්‍ෂණයට නීත්‍යානුකූල නොවන අයුරින් තැරැව්කාර සමාගමක් පත්කර එම සමාගම වෙත ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව වෙතින් රුපියල් හතලිස් හත් ලක්ෂ 50,828ක කොමිස් මුදලක් ගෙවීමට සලස්වා වාසියක් සිදුකිරීම සහ ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවට පාඩුවක් සිදුකිරීම යන සිදුවීමට බව වාර්තා වේ.

ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට ගත් ඇත්තම හේතුව මෙන්න

ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට ගත් ඇත්තම හේතුව මෙන්න

හිටපු ඇමති ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට

හිටපු ඇමති ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට