හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට මහාධිකරණයෙන් නියෝගයක් - එක්කෝ කෝටියක් නැත්තම් වසර 9ක සිර දඬුවමක්

Report

කොළඹ මහාධිකරණය මඟින් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට විරුද්ධව ඉඩමක් ගොඩ කිරීම සඳහා අවසර ලබාදීමට අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධ නඩුවෙන් වරදකරු කර ඊට නියම කළ රුපියල් ලක්ෂ 100ක වන්දි මුදල, ලබන 2027 වසරේ ජූලි මස 06 වැනිදාට පෙර ගෙවා නිම කළ යුතු බවට නියෝග කර ඇත.

එමෙන්ම කොළඹ මහාධිකරණය අවධාරණය කර තිබුණේ අධිකරණය නියම කළ මෙම ගෙවීම් පැහැර හරිනු ලැබුවහොත්, අභියාචනාධිකරණ නියෝගය කඩකිරීමේ වරද යටතේ විත්තිකරුට වසර 9ක සිරදඬුවමක් නියම කරන බවයි.

ඒ අනුව එම නඩුව කැඳවූ අවස්ථාවේදී ප්‍රසන්න රණතුංග මහතා සඳහා පෙනී සිටි නීතිඥවරුන් අදාළ වන්දි මුදල නියමිත කාලසීමාව තුළ ගෙවා නිම කරන බවට අධිකරණය හමුවේ පොරොන්දු වී ඇති බව සඳහන්.

හිටපු අමාත්‍ය විමල් වීරවංශට අධිකරණයෙන් තීන්දුවක් - ටිල්වින් සිල්වාට රු. මිලියනක වන්දියක් - හේතුව මෙන්න

හිටපු අමාත්‍ය විමල් වීරවංශට අධිකරණයෙන් තීන්දුවක් - ටිල්වින් සිල්වාට රු. මිලියනක වන්දියක් - හේතුව මෙන්න

එබැවින් එම පොරොන්දුව සැලකිල්ලට ගත් අධිකරණය විත්තිකරු මුදාහැරීමට පියවර ගෙන තිබුණා. ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ, කොලොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකිරීමට අනුමැතිය ලබාදීම වෙනුවෙන් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 640ක කප්පම් මුදලක් ඉල්ලා තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු වරදකරු විය.

අඳාළ වරදට රුපියල් ලක්ෂ 250ක දඩයක් සහ ලක්ෂ 100ක වන්දියක් ගෙවන මෙන් කොළඹ මහාධිකරණය මීට පෙර නියෝග කර තිබූ අතර, එම තීන්දුවට එරෙහිව ඉදිරිපත් වූ අභියාචනයක තීන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා මෙම නඩුව කැඳවා තිබෙනවා.   

ජලාපවහන මණ්ඩලයෙන් පාර්භෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - ලබන 13 සිට 19 දක්වා මේ අයට ජල සැපයුම් විසන්ධි කරයි

ජලාපවහන මණ්ඩලයෙන් පාර්භෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - ලබන 13 සිට 19 දක්වා මේ අයට ජල සැපයුම් විසන්ධි කරයි

බැංකු ගිණුමක් හිමි ශ්‍රී ලාංකිකයන්ට පොලිසියෙන් විශේෂ නිවේදනයක්

බැංකු ගිණුමක් හිමි ශ්‍රී ලාංකිකයන්ට පොලිසියෙන් විශේෂ නිවේදනයක්