හෙළිවූ ප්‍රබල ඝාතන සැලැස්ම... 4ක් දැලේ

Report

2025.05.19 වන දින මීගමු ඒත්තුකාල පිහිටි රෙස්ටූරන්ට් ආයතනයක හිමිකරු කපා කොටා ඝාතනයට සැලසුම් කිරීම සහ කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන මේ වන විට රැදවුම් නියෝග මත මීගමුව පොලිස් ස්ථානයේ රඳවා ගෙන වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

ගිනි අවිය මගේ මැරිච්ච අප්පච්චිගේ..දුමින්දට ඇඬේයි

ගිනි අවිය මගේ මැරිච්ච අප්පච්චිගේ..දුමින්දට ඇඬේයි

මෙම අපරාධයට අදාලව සී.සී.ටී.වී දර්ශන ඔස්සේ විමර්ශන සිදු කර මෙම ඝාතනය සඳහා අපරාධකරුවන් සැලසුම් කර තිබූ කඩු සපයා දුන් සැකකරුවන් දෙදෙනෙකු 2025.05.23 වන දින රාත්‍රී කාලයේ මීගමුව ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100 මිලිග්‍රෑම් 960 ක්, යතුරු පැදියක් හා ජංගම දුරකථන තුනක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 19 හා 23 වයස්වල පසුවන මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. මෙම සැකකරුවන් ඝාතනය සඳහා යොදා ගැනීමට සැලසුම් කර තිබූ කඩු වෙන්නප්පුව පොලිස් වසමේ නයිනමඩුව ප්‍රදේශයේ සිට රැගෙනවිත් අපරාධය සිදු කිරීමට පැමිණි.

ජනප‍්‍රිය නිළියක් ගිනි අවි ජාවාරමක? ගෙවල් search කරයි

ජනප‍්‍රිය නිළියක් ගිනි අවි ජාවාරමක? ගෙවල් search කරයි

සැකකරුවන්ට ලබා දී ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත. මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.