ගිනි අවිය මගේ මැරිච්ච අප්පච්චිගේ..දුමින්දට ඇඬේයි

Duminda Dissanayake Sri Lanka Politician Law and Order Sinhala news
By Hashini May 25, 2025 03:31 AM GMT
Hashini

Hashini

Report

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටිනවා.

ඒ කොළඹ හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයේ සඟවා තබා තිබූ ගිනි අවියක් සොයා ගැනීම සම්බන්ධයෙන්.

එහි තොරතුරු රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවට මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා.

මෙම ගිනි අවිය හිටපු උතුරු මැද පළාත් මහ ඇමති බර්ටි පේමලාල් දිසානායක මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා බාරයේ තිබූ ගිනි අවියක් බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

ඖෂධ හිඟය අපේ වරදක් නෙවෙයි..ඒක ගිය ආණ්ඩුවේ වරදක් - සෞඛ්‍ය ඇමති

ඖෂධ හිඟය අපේ වරදක් නෙවෙයි..ඒක ගිය ආණ්ඩුවේ වරදක් - සෞඛ්‍ය ඇමති

නමුත් අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට එයා ලියාපදිංචි නොවූ ගිනි අවියක් බවද සඳහන්ය.

විමර්ශන නිලධාරීන් අධිකරණයට සඳහන් කර ඇත්තේ ගිනි අවි ආඥා පනතේ හතළිස් තුන්වැනි වගන්තිය ප්‍රකාරව සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

ගල්කිස්ස අධිකරණය මහේස්ත‍්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේ හිටපු අමාත්‍යවරයා මේ මස 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

උතුරු මැද පලාත් හිටපු මහ ඇමැති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතා මීට වසර කිහිපයකට පෙර අභාවප‍්‍රාප්ත විය. 

ඉන්දු පකිස්ථාන යුද්ධයෙන් න්‍යෂ්ටික අවි භාවිත වුවහොත් ශ්‍රී ලංකාවට සොරි තමා..

ඉන්දු පකිස්ථාන යුද්ධයෙන් න්‍යෂ්ටික අවි භාවිත වුවහොත් ශ්‍රී ලංකාවට සොරි තමා..

ReeCha