ඉදිරි කාලය රටටම තීරණාත්මකයි?.. විදුලි බල මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..
පසුගිය දින 6ක කාලය තුළ විදුලිය බිදවැටීම් සම්බන්ධයෙන් පැමිණිලි 61,000ක් වාර්තා වී තිබෙනවා.
ඒ බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ ය.
විදුලි බල මණ්ඩලය සඳහන් කළේ එම ලැබුණු පැමිණිලිවලින් 26,700කට යළිත් විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළ බවයි.
මේ අතර අයහපත් කාලගුණයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 2,049කට අයත් පුද්ගලයින් 8000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටි.
වර්ෂාවත් සමග පවතින සුළං තත්ත්වය හේතුවෙන් ඔවුන්ගේ නිවාසවලට හානි සිදුව තිබෙනවා.
තව ද, ලුණුඔය සහ හැමිල්ටන් ඇල පිටාර ගැලීම හේතුවෙන් මාදම්පේ තෝප්පුව ප්‍රධාන මාර්ගය ස්ථාන 2කින් ජලයෙන් යට ව ඇති බව වාර්තා වීය.