''විදුලිය නැති නිසා ජල සැපයුම ගැනත් අවධානයෙන් සිටින්න'' - අඹතලේ හා බියගම ජල පිරිපහදු කටයුතු නවතී
දිවයින පුරා සිදුව ඇති විදුලි බිඳවැටීම හේතුවෙන් අඹතලේ සහ බියගම ජල පිරිපහදු මධ්යස්ථානවල පිරිපහදු කටයුතු තාවකාලිකව නතර කර තිබේ. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ මෙම තත්ත්වය හේතුවෙන් ජල සැපයුමට බාධා ඇතිවිය හැකි බවයි.
ඒ අනුව, පවතින ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස එම මණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.
එමෙන්ම, මෙම තත්ත්වය හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවිය හැකි අපහසුතා පිළිබඳව ද මණ්ඩලය කනගාටුව පළ කර තිබේ. සම්ප්රේෂණ ජාලයේ ඇති වූ ප්රධාන පද්ධති දෝෂයක් හේතුවෙන් අද (17) පෙරවරු 11.45ට පමණ දිවයින පුරා විදුලි සැපයුම බිඳවැටී ඇති බව වාර්තා වේ.
විදුලි බිඳවැටීමෙන් ජල සැපයුමටත් නරක ආරංචියක් - ''ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි මණ්ඩලයෙන් ඉල්ලීමක්''
මේ අතර, නැවත දැනුම් දෙන තුරු වහල මත සවිකර ඇති සූර්ය පැනල පද්ධති විසන්ධි කරන ලෙස ජාතික පද්ධති ක්රියාකරු මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා සහාය වීම එහි අරමුණ බව සඳහන් වේ. හදිසි විදුලි බිඳවැටීමෙන් පසු විදුලි සැපයුම කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වන විට කටයුතු කරමින් පවතින බව බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක මහතා ද ප්රකාශ කර තිබේ.