මුළු රටටම එකපාරටම විදුලිය විසන්ධි වෙයි - සූර්ය බලශක්ති පද්ධති හිමියන්ට පද්ධති ක්‍රියා විරහිත කරන්නැයි හදිසි ඉල්ලීමක්

Report

ශ්‍රී ලංකාව පුරා සිදුව ඇති විදුලි බිඳවැටීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක විදුලි සැපයුම අත්හිටුවී ඇති අතර, සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ජාතික පද්ධති ක්‍රියාකරු තහවුරු කර තිබේ.

මෙම තත්ත්වය හමුවේ, නැවත දැනුම් දෙන තුරු වහල මත සවිකර ඇති සූර්ය බලශක්ති පද්ධති ක්‍රියා විරහිත කරන ලෙස එම පද්ධති හිමිකරුවන්ගෙන් ඉල්ලීමක් ද කර ඇත. දිවයින පුරා විදුලි සැපයුමට බාධා එල්ල වී ඇති බැවින්, විදුලි පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු බලධාරීන් විසින් සිදු කරමින් පවතී.

කෙසේ වෙතත්, මෙම විදුලි බිඳවැටීමට හේතු වූ නිශ්චිත කරුණ මෙතෙක් නිල වශයෙන් අනාවරණය කර නොමැති අතර, විදුලි සැපයුම සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමට ගතවන කාලය පිළිබඳව ද නිල නිවේදනයක් නිකුත් කර නොමැත.

මීට පෙර දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් විදුලි බිඳවැටීම් වාර්තා වූ අතර, පසුව ජාතික පද්ධති ක්‍රියාකරු විසින් දිවයින පුරා විදුලි සැපයුම බිඳවැටී ඇති බව තහවුරු කර තිබේ.

කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක හදිසි විදුලිය බිඳවැටීමක්

කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක හදිසි විදුලිය බිඳවැටීමක්