පාසල් සංවර්ධන නිලධාරීන් අනුයුක්ත කිරීමක් අත්හිටුවයි. - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගත් තීරණය මෙන්න.
පාසල් සංවර්ධන නිලධාරීන් රජයේ වෙනත් කාර්යාල වෙත අනුයුක්ත කිරීම අත්හිටුවීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව සහතික වී ඇති බවයි වාර්තා වන්නේ.
පාසල් සංවර්ධන නිලධාරී සංගම් කිහිපයක නියෝජිතයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී මේ බව පවසා ඇති බව සඳහන්.
එම සාකච්ඡාව පවත්වා ඇත්තේ, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සේනාරත්නගේ ප්‍රධානත්වයෙන්.
එමෙන්ම පාසල් සංවර්ධන නිලධාරීන් මෙන්ම උපාධිධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම පිළිබඳ මතුව ඇති ගැටලුව පිළිබඳව එහිදී දීර්ඝව සාකච්ඡා කරනු ලැබුවා.
එහිදී අධ්‍යාපන අමාත්‍යාංශය පවසා ඇත්තේ, සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේදී ශ්‍රේෂඨාධිකරණය පෙන්වා දී ඇති පරිදි රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශයන්ට යටත්ව ක්‍රියා කළ යුතු බවයි.
ඒ අනුව තරග විභාගයක් පවත්වා බඳවා ගැනීම් සිදුකළ යුතු බවත් එහිදී වයස් සීමාව උපරිම අවුරුදු 45ක් දක්වා සලකා බැලීමට හැකි බවයි අවධාරණය කර ඇත.

පියාඹන පීරිසි 4ක් ඇවිත් වොෂින්ටන් නුවර මහා කලබලයක්.? - පිටසක්වලයන් අමෙරිකාවේ කැරැලි ගහන්න හදලා? - (VIDEO)

එතකොට AI නෙවෙයිද? - "පන්සලේ කඨින පිංකමට තිබ්බ සල්ලිත් හොරකම් කළා." අනුයි කනුයි මාධ්‍ය ඉදිරියේ පෙම්වතාගේ සියල්ල හෙළි කරයි. - (VIDEO)
You may like this
