තැපැල් ඡන්දය කල් යයි. පළාත් පාලන මැතිවරණය පවත්වනවාද? නැද්ද? තීරණය තවමත් වැට උඩ.
2023 පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයකින් තොරව කල් යන බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම නිවේදනය කරනවා.
ඒ අනුව එළැඹෙන 22,23 හා 24 යන දිනවල දී පැවැත්වීමට නියමිත ව තිබූ තැපැල් ඡන්ද විමසීම මෙලෙස කල් දමනු ලැබුවා.
මේ අතර, මැතිවරණ පැවැත්වීම කල් දමන ලෙස ඉල්ලා ගොනු කර තිබුණු පෙස්සම විභාගයට ගැනීම එළැඹෙන 23 වැනි දාට නියම වී තිබුණත් මෝසමක් මාර්ගයෙන් පෙස්සම්කාර පාර්ශවය ඉල්ලා සිටියේ, තැපැල් ඡන්ද විමසීම පැවැත්වීමට නියම කර තිබූ දිනයට පෙර පෙස්සම් විභාගය කැඳවන ලෙසයි.
එමෙන්ම මාර්තු මස 9 වැනි දා පැවැත්වීමට නියමිතව ඇති පළාත් පාලන මැතිවරණය පවත්වනවා ද නො පවත්වනවා ද පිළිබඳ තීරණයක් තවමත් ගෙන නැහැ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |