ලේක්හවුස් සිට පොලිස් මූලස්ථානය දක්වා අද රෑත් දන්සල් සහ තොරණ බැලීමට ඔබට අවස්ථාව

Report

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන “කොළඹටත් පොසොන්” ජාතික බාලදක්ෂ පොසොන් කලාපය 2026 ජූනි 28 දින කොළඹදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව, ජනාධිපති ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් සහ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායකත්වයෙන් මෙම පොසොන් කලාපය සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් සහ පංචශීල පිහිටුවීම සිදු කෙරිණි. ඉන් අනතුරුව පොසොන් කලාපය විවෘත කිරීමේ සංදේශය අඩංගු මංජුසාව පිළිගැනීමෙන් පසු අග්‍රාමාත්‍යවරිය විසින් එය නිල වශයෙන් විවෘත කරන ලදී.

පොසොන් බලන්න යන අයටයි.. දන්සල් දෙන අයටයි PHI සංගමයෙන් විශේෂ පණිවිඩයක්

පොසොන් බලන්න යන අයටයි.. දන්සල් දෙන අයටයි PHI සංගමයෙන් විශේෂ පණිවිඩයක්

අනතුරුව අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කළේ බාලදක්ෂ ව්‍යාපාරය පාසල් පද්ධතිය තුළ තවදුරටත් ව්‍යාප්ත කිරීම අතිශය වැදගත් බවත්, මෙවැනි ආගමික හා සමාජීය වැඩසටහන් සමාජයට ලබාදෙන දායකත්වය ඉතා වටිනා බවත්ය.

මෙම පොසොන් කලාපය ජූනි 28 සහ 29 යන දෙදින පස්වරු 6.00 සිට අලුයම 1.00 දක්වා මහජනතාව සඳහා විවෘතව පවතී. එය කොළඹ 02, චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවතේ ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථාන පරිශ්‍රය ඇතුළුව ලේක්හවුස් වටරවුමේ සිට ශ්‍රී ලංකා පොලිස් මූලස්ථාන වටරවුම දක්වා වූ ප්‍රදේශය තුළ ක්‍රියාත්මක වේ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති රන්සිරි පෙරේරා මහතා, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතා, ත්‍රිවිධ හමුදා සහ පොලිස් ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු සම්භාවනීය ආරාධිතයෝ රැසක් සහභාගී වූහ.

6 ශ්‍රේණියේ අලුත් ඉගෙනුම් මොඩියුල මුද්‍රණය අවසන් අදියරේ - වාර දෙකේම පොත් එකවර පාසල්වලට

6 ශ්‍රේණියේ අලුත් ඉගෙනුම් මොඩියුල මුද්‍රණය අවසන් අදියරේ - වාර දෙකේම පොත් එකවර පාසල්වලට

සියලුම පාසල්වලට විශේෂ දැනුම්දීමක් - 6 වසරේ සිට නව වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි ප්‍රතිපාදනත් වෙන් කරයි

සියලුම පාසල්වලට විශේෂ දැනුම්දීමක් - 6 වසරේ සිට නව වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි ප්‍රතිපාදනත් වෙන් කරයි