අක්‍රිය කළ ලොව විශාලතම වැඩිහිටි වෙබ් අඩවිය වූ Pornhub ආයේ බලන්න පුළුවන් මේ අයට විතරයි - සේවාව ගන්න පාස්පෝට්, ලයිසන් හෝ හැඳුනුම්පතක් අනිවාර්යයි
මාස අටකට පෙර වයස් සත්‍යාපන නීති හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුළ අක්‍රිය කරන ලද ලොව විශාලතම වැඩිහිටි වෙබ් අඩවියක් වන Pornhub, යළිත් එරට පරිශීලකයින් වෙනුවෙන් විවෘත කිරීමට එහි මාතෘ සමාගම වන Aylo කටයුතු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම පහසුකම හිමිවන්නේ Apple උපාංග භාවිතා කරන වැඩිහිටියන්ට පමණක් බව සඳහන්.
එබැවින් Aylo සමාගම ප්‍රකාශ කර ඇත්තේ Apple සමාගමේ ඔස්ට්‍රේලියානු වයස් සත්‍යාපන ක්‍රියාවලිය ඔස්සේ තමන්ගේ වයස තහවුරු කළ "සුදුසුකම් ලත් වැඩිහිටි පරිශීලකයින්ට" පමණක් මෙම වෙබ් අඩවියට ප්‍රවේශ වීමේ ඉඩකඩ ලබා දෙන බවයි.
ඉකුත් මාර්තු මාසයේදී වයස අවුරුදු 18ට වැඩි බව තහවුරු කිරීමේ නව නීති මඟින් ළමුන් ආරක්ෂා නොවන බවත්, ඒ වෙනුවට දත්ත පුද්ගලිකත්වයට හානි සිදුවන බවත් පවසමින් Pornhub වෙබ් අඩවිය ඔස්ට්‍රේලියානු වෙළඳපොළෙන් ඉවත් වී ඇත.
එසේ වුවත් Apple සමාගම මෑතකදී එක්සත් රාජධානියෙන් අනතුරුව ඔස්ට්‍රේලියාව තුළද ස්වයංක්‍රීය වයස් සත්‍යාපන පද්ධතියක් හඳුන්වා දීමට පියවර ගත් අතර ඒ ඔස්සේ සෑම ජංගම දුරකථනයක් හෝ ටැබ්ලට් පරිගණකයක්ම මූලික වශයෙන්ම ළමුන්ට ආරක්ෂිත තත්ත්වයේ පවතින බව Aylo සමාගම පෙන්වා දී ඇත.
මේ අතර උපාංග මට්ටමේ වයස් සත්‍යාපනය Aylo සමාගමේ සන්නාම සහ ප්‍රජා උප සභාපති ඇලෙක්ස් කේකේසි ප්‍රකාශ කළේ, වෙබ් අඩවි මට්ටමින් නොව උපාංග මට්ටමින් වයස තහවුරු කිරීම වඩාත් ආරක්ෂිත මෙන්ම පුද්ගලිකත්වය සුරකින ක්‍රමවේදය වන බවයි.
එහිදී පරිශීලකයින්ට විවිධ වෙබ් අඩවි වෙත තම පෞද්ගලික තොරතුරු ලබා දීමට සිදු නොවන අතර, VPN භාවිතයෙන් වයස් සීමා මඟහැරීමේ ප්‍රවණතාවද අවම වන බව ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඒ අනුව Apple උපාංග හිමියන්ට තම ණය පත (Credit Card), විදේශ ගමන් බලපත්‍රය (Passport), රියදුරු බලපත්‍රය හෝ රජයේ නිල හැඳුනුම්පතක් භාවිතයෙන් වයස අවුරුදු 18ට වැඩි බව තහවුරු කර ගනිමින් මෙම සේවාව ලබා ගත හැකි බව සඳහන්.