වතිකානුවෙන් හදිසි නිවේදනයක් - 14 වන ලියෝ පාප් වහන්සේට විශේෂ සැත්කමක්
පාප් වහන්සේගේ පෙනහලෙහි කුඩා ගැටිත්තක් හේතුවෙම් දිනවලදී සැත්කමකට භාජනය වන බව උන්වහන්සේ නිවේදනය කර ඇත රෝමයේ ශාන්ත පීතර චතුරස්‍රයේ පැවති සාමාන්‍ය ඉරිදා යාඥාව අතරතුර උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර තිබේ
71 හැවිරිදි ශුද්ධෝත්තම දහහතරවන ලියෝ පාප් වහන්සේ වෛද්‍ය කණ්ඩායමේ උපදෙස් මත මෙම සැත්කම සඳහා එකඟ වූ බවත්, එය මුල් අවධියේදීම හඳුනාගත් තත්ත්වයක් බවත් බැතිමතුන් වෙත සහතික කළ බව විදෙස් මාධ්‍ය සදහන් කරයි
වතිකානුව සදහන් කරන්නේ ඉතාලියේ රෝමයේ ජෙමෙලි රෝහලේදී (Gemelli Hospital) මෙම සැත්කම සිදු කිරීමට නියමිත අතර, සැත්කමෙන් පසු සුවය ලැබීමට සතියක පමණ කාලයක් ගතවනු ඇති බවයි .
ඉදිරි නොවැම්බර් මාසයේ උරුගුවේ, ආජන්ටිනාව සහ පේරු යන රටවල සිදු කිරීමට නියමිත සංචාරය කිසිදු වෙනසකින් තොරව ක්‍රියාත්මක වන බව පාප් වහන්සේ තහවුරු කර තිබේ
රොබට් ෆ්‍රැන්සිස් ප්‍රොවොස්ට් (Robert Francis Provost) නමින් උපත ලැබූ උන්වහන්සේ ශාන්ත පීතර සිංහාසනයට පත් වූ පළමු අමෙරිකානු පුරවැසියා වන අතර, 267 වන පාප් වහන්සේ ද වේ.
යාඥාව අවසානයේදී සියලු දෙනාගේ අධ්‍යාත්මික සහයෝගයට සහ ප්‍රාර්ථනාවන්ට ස්තූති කළ පාප් වහන්සේ, තමන්ගේ සුවය වෙනුවෙන් යාඥා කරන ලෙස බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනු ලබයි .
[NJOMKID