ආනන්ද විජේපාල ත්‍රස්තවාදියෙක් ආනන්ද විජේපාල නොහොත් කියන්නද ඉතුරු ටික
අද දින (23) රැස්වූ පාර්ලිමේන්තුවේදී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් ඊයේ (22) දින නිල අසුනේ සිටියදීම වෙඩි තබා ඝාතනයට ලක් වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාව ලසන්ත වික්‍රමසේකර නොහොත් ලසා යැයි ආමන්ත්‍රණය කිරීම පිලිබදව උරණ වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාට විරුද්ධව උණුසුම් ප්‍රකාශ කිහිපයක් හා චෝදනා කිහිපයක් එල්ල කළේය.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ,
"ආනන්ද විජේපාල ඇමතිතුමා මියගිය සභාපති ලසන්ත වික්‍රමසේකර ගැන කතා කරා.එතකොට කිව්වා ලසන්ත වික්‍රමසේකර නොහොත් ලසා කියලා.එතුමාගේ ඝාතනය පතාලෙට සම්බන්ධ දෙයක් විදිහට කතා කරා.එහෙනම් මට ඔබතුමාගේ යටගිය දවස ගැනත් කතා කරන්න පුළුවන්.ඔබතුමා 1988 පොලිස් දෙපාර්තුමේන්තුවට බැදුනා.ඊටපස්සේ එස්.අයි.නිලධාරියෙක් හැටියට වැඩ කරේ.එහෙම පුහුණුව ලබන කාලේ තමයි බුද්ධි වාර්තා සහ සී.අයි.ඩී වාර්තා වලින් ඔබතුමාව පොලිසියෙන් නෙරපුවේ.ඔබතුමා ඒ කාලේ සන්නද්ධ අංශයේ නායකයෙක් හැටියට තමා ඒ කාලේ පොලිසියෙන් නෙරපුවේ.සන්නද්ධ අංශයේ නායකයෙක් එහෙමත් නැත්නම් ත්‍රස්තවාදියෙක් කියලා තමයි පොලිසියෙන් නෙරපුවේ.ඔබතුමාගේ ජීවිත කතාව අපි දන්නවා.දැන් හැංගි හොරා ගේම් දාන්න එපා.ඔබතුමාට එහෙනම් අනාගතේ කියන්න වෙන්නේ ආනන්ද විජේපාල නොහොත් ...ඉතුරු නම කියන්නෑ. අපි ඉතුරු නම පහත් විදිහට කියන්නෑ.මෙයා බුද්ධි වාර්තා සහ සී.අයි.ඩී වාර්තා වලින් පොලිසියෙන් නෙරපපු කෙනෙක්.අද පොලිසියට උපදෙස් දෙන ඇමති විදිහට වැඩ කරන්නේ එදා පොලීස්යෙන් එළියට දාපු කෙනෙක්.ඔබතුමාව ගල්ගමුව,අබන්පොල,කුරුණෑගල තබුත්තේගම මිනිස්සු දන්නවා.ඒ කලේ පොලිසියට ගහපු එක කියන්න කිව්වා.ඔබතුමාලා දිව්ලන් පිටියේ අමරේ ගැන කිව්වා.ඔය ඔක්කොම අපි ඕගොල්ලෝ ඔක්කොම 2005 එකට හිටපු අය.මහින්ද රාජපක්ෂව ජනාධිපති කරේ ඕගොල්ලෝ අපි.දිව්ලන්පිටියේ අමරේ හිටපු ආණ්ඩුවේ. ඔය කතා කරන අය නෑ අපි ඕගොල්ලෝ තමා 2005 මහින්ද ගෙනාවේ.රටේ ඕන කෙනෙක් දන්නවා දිව්ලන්පිටියේ අමරේ කා එක්කද හිටියේ කියලා" යයි අතිශයින්ම දරුණු චෝදනා කිහිපයක් එල්ල කළේය.