පොර ටෝක් දීපු ගම්මන්පිලට මහාධිකරණයෙන් නියෝගයක්..(VIDEO)

Sri Lanka Australia Attorney General of Sri Lanka Udaya Gammanpila
By Piyumika Oct 24, 2024 09:48 AM GMT
Piyumika

Piyumika

Report

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් ඉදිරිපත්කර ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුට අයත් රුපියල් මිලියන 21ක සමාගම් කොටස් සාපරාදී පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ ලිඛිත විරෝධතා‍ නොවැම්බර් මස 25 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (24) නියෝග කළේය.

විශේෂ දින දෙකක් ගැන මැකොගෙන් නිවේදයක්..

විශේෂ දින දෙකක් ගැන මැකොගෙන් නිවේදයක්..

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී විත්තිකාර උදය ගම්මන්පිල මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර අනෙක් විත්තිකරු වූ සිඩ්නි ජයරත්න මහතා අසනීප තත්ත්වයෙන් රෝගල් ගතව සිටින බව ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය මෙම නඩුවට අදාළ ලිඛිත විරෝධතා නොවැම්බර් මස 25 වන දා ඉදිරිපත් කරන ලෙස පාර්ශවකරුවන්ට නියෝග කළේය.

හිස්බුල්ලා සංවිධානය පිළිනොගත් අනුප්‍රාප්තික නායකයාගේද මරණය ඊශ්‍රායලය තහවුරු කරයි..(VIDEO)

හිස්බුල්ලා සංවිධානය පිළිනොගත් අනුප්‍රාප්තික නායකයාගේද මරණය ඊශ්‍රායලය තහවුරු කරයි..(VIDEO)

1996 වසරේ සැප්තැම්බර් මස 26 වන දා සහ 1997 වසරේ සැප්තැම්බර් මස 25 වනදා අතර කාලසීමාව තුළ අදාළ වරද සිදුකළ බවට චෝදනා කරමින් උදය ගම්මන්පිල ඇතුළු විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබේ.